IMG-LOGO

කපිල චන්ද්‍රසේනට දේශපාලන සහයක් ලැබු‍‍ණේදැයි සොයාබලන්න

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ බිරිඳට කිසියම් දේශපාලන හස්තයක සහයක් ලැබුණේ ද යන්න සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 20 ක අල්ලසක් ලබාගත් බවට කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී ඇත.

රාජ්‍ය නිලධාරියෙකුට දේශපාලන ශක්තියක් නොමැතිව මෙවන් ගණුදෙනුවක් කළ නොහැකි බව කී මන්ත්‍රීවරයා මෙම ගණුදෙනුව සිදු වූ සමයේ පැවති රාජපක්‍ෂ රජය මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් නොදැන සිටීමට නොහැකි බව ද සඳහන් කළේය.

කපිල චන්ද්‍රසේන මහතා රාජපක්‍ෂවරුන්ගේ හිතවතෙක් වූ නිසා ඒ සම්බන්ධයෙන් සැකයක් ඇතැයි කී රහුමාන් මහතා මෙයට සම්බන්ධ සියලු පාර්ශව සොයා දඬුවම් ලබාදිය යුතු බව ද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (0)

කපිල චන්ද්‍රසේනට දේශපාලන සහයක් ලැබු‍‍ණේදැයි සොයාබලන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 278 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site