IMG-LOGO

‘කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි‘

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ගාමිණී සරත් ගුණවර්ධන)

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන්  බැහැරව  වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන්  කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා විසින් උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දීමත් සමඟ අද (06) දා පැවති  මහරගම නගර සභාවේ මාසික මහා  සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

එය පාලනය කිරීමට සභාපති ටිරාජ් ලක්රුවන් මහතා  සභාව විනාඩි පහකට  කල් තැබීමටද කටයුතු කළේය.

මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම  අද ( 06 )  පැවති අවස්ථාවේදී  ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන්  බැහැරව නගර සභාවේ උප සභාපතිවරයාට වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී නිශාන්ත නිශාන්ත විමලචන්ද්‍ර මහතා අදහස් දක්වමින් සිටියදී චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උප සභාපති සුනිල් පියරත්න මහතා අදහස් දැක්වීමට යාමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්  සිදුවිය.

එහිදී නාගරික මන්ත්‍රීවරයා උප උපසභාපතිවරයාගේත් ,  උප සභාපතිවරයා නාගරික මන්ත්‍රීවරයාගේත්  පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට චෝදනා කරමින් කරුණු දක්වන අතර තුරදී එක්වරම නිශාන්ත විමලචන්ද්‍ර  මන්ත්‍රීවරයා  උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් උප සභාපතිවරයාට පහර දුන්නේය.

එම අවස්ථාවේදී සභාවේ උණුසුම්  තත්ත්වයක් හටගත් අතර  එය පාලනය කිරීමට  මන්ත්‍රීවරුන්ට  මැදිහත්වීමට සිදුවුණි .
 

 



අදහස් (1)

‘කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි‘

Pradeep Kumara Wednesday, 06 April 2022 02:32 PM

රටේ මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නවා. මේ අය කෑමවලින් ගහගන්නවා.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site