IMG-LOGO

කනගකපුරම් මත්පැන් අලෙවිහළකට මුද්‍රා තබයි

සිතුම් චතුරංග

ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු පුද්ගලයින් වෙත කිලිනොච්චිය කනගපුරම් හි මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලිසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබූ බව පොලිසිය කියයි.

කිලිනොච්චිය කනගපුරම් හි මත්පැන් අලෙවිකරන අවන්හලක් පිළිබඳ පොලිසියට ලැබුණ තොරතුරක් මත නිලධාරීන් වැටලීම කර ඇති බවත් එහි සේවකයින් විසින් මත්පැන් පුද්ලයින් වෙත අලෙවිකර ඇති බවද පොලිසිය පැවසීය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදීද ඉහළ මිළගණන් යටතේ මෙම ස්ථානයේ මත්පැන් අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පැවසීය.

අවන්හලේ හිමිකරු විසින් අවන්හල පවත්වාගෙන යන අතරතුර එහි මත්පැන් අලෙවිහළද පවත්වාගෙන ගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ අවන්හලේ හිමිකරුට හා එහි කළමනාකරුට එරෙහිව නඩු පවරන බවත් එතෙක් අවන්හල හා මත්පැන් ගබඩාව මුද්‍රාතබන බවත්ය.

කිලිනොච්චිය පොලිසිය විසින් රජය විසින් පනවා ඇති ඇඳිරිනීතිය කඩකරමින් මත්පැන් අලෙවිකිරීම සම්බන්ධයෙන් නඩු පවරන බවත් සුරාබදු නිලධාරීන් විසින් අවන්හලේ මත්පැන් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් විකිණීම සම්බන්ධයෙන් එහි හිමිකරුට නඩු පවරන බවත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවටගෙන නොමැති අතර හිමිකරු හා කළමණාකාරවරයා කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිත බවද පොලිසිය කීය.

කිලිනොච්චිය පොලිසිය හා සුරාබදු කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

කනගකපුරම් මත්පැන් අලෙවිහළකට මුද්‍රා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 455 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site