IMG-LOGO

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් නව නිපැයුම් රැසක්

රේඛා තරංගනී ෆොන්සේකා

රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී පහසුව සලසන  වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක්, වායු පිරිසිදුකාර යන්ත්‍රයක්,ස්වසන ආධාරක යන්ත්‍රයක් සහ ජංගම දුරකථන මෘදුකාංගයක් අද(23) විශ්ව විද්‍යාල ප්‍රධාන ශාලාවේදී එළි දක්වනු ලැබීය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ  ආචාර්‍ය මණ්ඩලයේ මග පෙන්වීම යටතේ ඉංජිනේරැ, වෛද්‍ය,පරිඝණක පීඨ සිසුන්ගේ එකමුතුවෙන් මෙම උපාංග නිමවා ඇති අතර විශ්ව විද්‍යාලිය උප කුලපති මේජ ජනරාල්  මිලින්ද පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදු⁣කෙරිණි.

රෝගින් අට දෙනෙකුට එකවර ආහාර ගෙන යාම, රෝගින් නවදෙනෙකුට එකවර ඔෟෂධ රැගෙන යාමේ හැකියාව  ජීවාණුහරණ දියර ඉසිමේ හැකියාව රෝගියාව නිරික්ෂණය කිරීමේ හැකියාව මෙම සහයක රොබෝ යන්තයට ඇත.

එමගින් වෛද්‍යවරුන් කොරෝනා අවදානමෙන් යම් තරමකට මුදවාලනු ඇත.

එමෙන්ම විදේශයකින් ආනයනය කිරීමේදී මිලියන හතර වියදමක් දැරිමට සිදුවන කෘතිමව ස්වසනය ලබා දෙන ආධාරක යන්ත්‍රය රුපියල් මිලියනයක වියදමකින් නිමවා ඇති අතර එය KDU Ventilator 2020v1.0 ලෙස නම් කර ඇත .

Curec නමින් ජංගම දුරකථන ඇප් එකක්ද එළි දැක්වු අතර එමගින් රෝගියා සහ වෛද්‍යවරයා අතර දත්ත හුවමාරැවකින් ආසාදිතයින් හඳුනා ගැනීමේ පහසුව ඇත.

GPS තාක්ෂණය ඔස්සේ රෝගියා අවසාන වශයෙන් ගැවසුන ස්ථානද හඳුනා ගැනීමේ හසුව ඇති අතර එමගින් නිරෝධායනය ක්‍රියාවලිය විදිමත් කෙරෙනු ඇත.

 



අදහස් (1)

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් නව නිපැයුම් රැසක්

Chamila Thursday, 23 April 2020 03:39 PM

පුලුවන්නම් මුදල් නෝට්ටු එකතු කළහැකි පෙට්ටියක් හදන්න, ඇතුලත අංශක 40 විතර වාතය තිබෙන ලෙස....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site