ඉගෙන ගන්නා කාලෙ සිටම මොහු කේෂ නිරූපණ තරගවලට ඉදිරිපත් වී ජය ලබා ගත්තෙකි. උසස් අධ්‍යාපන කටයුතු කලාව සම්බන්ධයෙන් නොවුණත් ක්ෂේත්‍රයට දක්වන්නේ පුදුමාකාර ආදරයක්. මේ තරුණයාගේ නම අවිශ්ක දේශාන්. තවමත් 22 හැවිරිදි වියේ පසුවන අවිශ්ක කොළඹ නාලන්දා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබුවෙකි.
උසස් පෙළ නිම වීමත් සමඟ ස්ලිට් විශ්වවිද්‍යාලයේ හෝටල් පරිපාලන සහ සූපවේදී උපාධි පාඨමාලාවෙන් ඉහළ සාමාර්ථ්‍යයක් ලබා ගත්තෙකි. අවිශ්ක ක්ෂේත්‍රයට පා තැබීමට පදනම වැටුණු ආකාරය ගැන පැවසූයේ මෙවැන්නකි.
‘උසස් අධ්‍යාපනය ලබන අවදියේ සිටම මා වරින් වර කේෂ නිරූපණ තරගවලට යොමු වුණා.ඒ අත්දැකීම් කෙතරම් දුරට මාව ඔසවා තැබුවාද කිව්වොත් තරගවලින් තෙවරක්ම ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා. මෑතකදී සහභාගි වූ 2023 C.J. අවුරුදු කුමර කුමරියෝ තරගයේ අවසන් වටය දක්වාම යාමට මට හැකි වුණා.එය මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක්. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ලද පුහුණුව ,කැපවීම ප්‍රායෝගිකව මට බොහෝ වැදගත් වුණා. එනිසාම කරට කර තරගකාරීත්වයක් ඉසව්ව පුරාම රඳවා තබා ගැනීමටත් හැකි වුණා. ඒවගේම තරගයේදී මගේ නර්තන සහායිකාව වුණෙත් නර්තන ශිල්පිනියක් සේම මෝස්තර නිරූපිකාවක් වන ටියාරා කොතලාවල. තරගයේ ඉදිරියට යාමට එයත් මට පිටිවහලක් වූවා.
ඒ වගේම පසුගිය දිනවලදී රූපවාහිනී නාළිකාවල පැවැති විවිධ වැඩසටහන් සඳහාත් මා මෝස්තර නිර්මාණ ශිල්පියකු ලෙස සහභාගි වුණා.
කලා ක්ෂේත්‍රයේම විවිධ ඉසව් නියෝජනය කළ අවිශ්කට ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ, ඔහුගේ අනාගත සිහින ගැනත් පැවසීමට යමක් ඇති. මේ ඉඩකඩ ඒ වෙනුවෙනි.
‘ක්ෂේත්‍රය නියෝජනය කරමින් ඉදිරිපත් වෙන හැම තරගයකම අත්දැකීම් මට වටිනවා. ඒ අත්දැකීම් ප්‍රායෝගික වන තරමට ක්ෂේත්‍රයේ පැවත්ම පහසු වෙනවා. ඉතින්, මෝස්තර නිරූපණ ශිල්පයට වගේම ඉදිරියේදී රංගනයටත් දායක වීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා.
බොහෝ දෙනෙක් අද තම උසස් අධ්‍යාපනය අනාගත රැකියාව අරඹයා තීරණය කරනු ලබන්නකි. උසස් අධ්‍යාපනය කලාව සම්බන්ධයෙන් නොවීම ගැන මොකද හිතෙන්නේ?
‘උසස් අධ්‍යාපනය ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණත් කලාවට පැමිණිදා සිටම ප්‍රායෝගිකව ඉගෙන ගන්න ලැබෙනවා. ඒ දැනුම විෂය සමගාමීව ලැබෙන්නේ නැහැ. කලාවට සම්බන්ධව කටයුතු කරන්න ලැබීම කැපවීමකින් කළ යුතු දෙයක්. දිගටම මා කැමැති කලා ක්ෂේත්‍රය තුළ විවිධ ඉසව් හරහා සාර්ථකත්වය ගොඩ නංවා ගැනීමටයි. ඊට අමතරව අපේ රටේ හෝටල් ක්ෂේත්‍රය හා සම්බන්ධ මගේම කියලා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමටත් මා හීන මවනවා.‘
-සටහන- මාධවී ධර්මරත්න
තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසි
යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්ර
පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
කතරගම ,පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි.
ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝඩුකාර මෝස්තර නිරූපන ශිල්පියා