(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි 135 බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ හිමිකාර අධ්‍යක්ෂකවරුන්ට ලබන 17 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා අද (10) නියෝග කළේය.
කඩුවෙල ,කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සරත් කුමාර විජේවික්‍රම ,බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියකට මෙම නියෝගය නිකුත් කළේය .
2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු ,වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් පවරා තිබිණි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පියුමි නැමැති අධ්‍යක්ෂකවරිය පමණක් අධිකරණයේ පෙනී සිටියාය .
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ රිසාඩ් අමීන් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වග උත්තරකරුවන් විසින් නොගොවා පැහැර හරින ලද බදු සතියක් ඇතුලත ගෙවීමට කටයුතු කරන බවය.
කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාල බදු මුදල් ගෙවන්නේ නම් දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බදු ගෙවීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ලබන 17 දින ඉදිරිපත් කරන බවත්,එදිනට වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළේය.
එදිනට පෙර අදාල බදු මුදල් ගෙවන්නේ නම් ඒ පිළිබඳ වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෝටි 135ක බදු පැහැරහැරි රන්දෙණිගල සමාගම් අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්
හසක Tuesday, 10 December 2024 09:01 PM
මේ වෙනකම් මේ හිඟ බදු අයකරගත්තේ නැති නිලධාරීන්ටත්, අදාල අමාත්‍යාංශ බාරව හිටපු රට පාලුවන්ටත් යම් දඬුවමක් තියෙන්න ඕනෑ.
sam Wednesday, 11 December 2024 05:25 AM
හිඟ බදුවලට පොලියත් අයකර ගන්න...
රුවන් Wednesday, 11 December 2024 06:44 AM
මේවා බෞද්ධ දර්ශනය අනුවත් නොකළ යුතු ව්‍යාපාර. මත්පැන් වෙළඳාම හොඳ ව්‍යාපාරයක් නෙමෙයි. මුස්ලිම් මිනිස්සු වුණත් අරක්කු බොන්නේ නෑ. මේ සමාගම රජයට ගන්න ඕනේ...!