IMG-LOGO

කොටහේනේ වෛද්‍යවරයා ඝාතනය කළ තිදෙනා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොටහේන ප‍්‍රදේශයේ තනිව වාසය කළ වෛද්‍යවරයකුගේ අත්පා බැඳ දෑසට මිරිස්කුඩු ගසා හිසට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බාලවයස්කාර දරුවන් දෙදෙනා ඇතුලු තිදෙනෙකු හෙට (04) දක්වා රක්ෂිත භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණීය මහතා අද (03)  නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ සියපත් උයන නිවාස , දෙමටගොඩ ලිපිනයේ පදිංචි රමේෂ් රාජා මහේන්ද්‍රන්  නැමැත්තා සහ කොටහේන ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක සහ 17 ක බාලවයස්කාරුවන් තිදෙනෙකි.

එමෙන්ම මෙම සැකකරුවන් තිදෙනාගෙන් බාලවයස්කාර දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පියවර ගන්නා තෙක් ආරක්ෂිතව වෙනම ස්ථානයක තබන ලෙසට අධිකරණය බන්ධනාගාරයට නියම කළේය.

නො. 30, බ්ලුමැන්ඩල් පටුමග කොළඹ 13 පදිංචිව සිටි ශේවියල් ජෝෂප් මෙරිල් සුරේෂ් කුමාර් බි‍්‍රටේ නැමැති වෛද්‍යවරයාව අත්පා සහ ඇස් බැද දමා ඝාතනය කර තිබියදී කොටහේන පොලීසිය සොයා ගනු ලැබුවේ ඉකුත් මැයි මස 22 වැනිදාය.



අදහස් (1)

කොටහේනේ වෛද්‍යවරයා ඝාතනය කළ තිදෙනා රිමාන්ඩ්

sharm warn Friday, 05 July 2019 04:05 AM

එල්ලුම් ගහක් තිබුනා නම්. මේ පොඩි වයසට මෙවැනි දරුණු ක්‍රියාවක් කරයිද? නීතියක් ප්‍රතිපත්තියක් නැති රටක් වශයෙන් අපි මේ ගැන ඉතාම සතුටු වෙලා එල්ලුම් ගහ එපා කියලා පාරේ පෙළපාලි යමු. එන්න කට්ටියම..

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site