IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොට්ටාව නගරයේදී වෑන් රථයක් ගිනි ගනියි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව නගර මධ්‍යයේදී මීට ස්වල්ප මොහොතකට පෙර වෑන් රථයක් ගිනිගෙන ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

ගින්නෙන් වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බව පොලිසිය කියයි .

බොරැල්ල දෙස සිට කොට්ටාව දෙසට 174 බස් මාර්ගය ඔස්සේ ධාවනය වූ මෙම වෑන් රථයේ එක්වරම ගින්නක් හටගෙන  ඇති අතර රියැදුරු වාහනය මාර්ගය අසල නවතා බැස ගොස් ඇති අතර ගින්න වන අවස්ථාවේ වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු නිරුපද්‍රිතව දිවි බේරාගෙන තිබේ.

පසුව කෝට්ටේ නගර සභාවේ  ගිනි නිවන රථයක් පැමිණ ගින්න නිවා දමා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව  පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

කොට්ටාව නගරයේදී වෑන් රථයක් ගිනි ගනියි

sunil Saturday, 26 October 2024 06:30 PM

ශ්‍රී ලංකාව තුළ භාවිතා වන්නේ ගොඩක් පරණ වාහන . නව වාහන ආනයනය නොකරන බැවින් අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ තුළ සිටින කාර්මික ශිල්පීන් විසින් කෙසේ හෝ මේ වාහනය ධාවනයට කරවීම සඳහා සුදුසු පරිදි සකස් කර දුන්නත් එය හදිසි අවස්ථාවකදී පාලනය කර ගැනීම හෝ දුර ගමන් කිරීම සඳහා කිසිසේත් සුදුසු නොවේය. එනිසා බොහෝවිට රථවාහන අනතුරු බොහොමයක් සිදුවේය. පරණ වාහන සඳහා ආයු කාල සීමාවක් නැති නිසා බොහෝවිට මේ අනතුරු වළක්වා ගත නොහැකියි.

:       4       20

Perera Sunday, 27 October 2024 12:21 AM

නිසි ක්‍රමවේදයකට අලුත්වැඩියා නොකිරිම ප්‍රධාන හේතුවක් විය හැකිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site