(ඉන්දිකා රාමනායක)
ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන් ලිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් මාර්තු මස දි මෙම සිද්ධිය සිදුව ඇති අතර රාත්‍රී කාලයේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී කිසිවකු විසින් එය සූරා අලාභ හානි සිදුකර එහි අසභ්‍ය වදන් ලියා තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
මෙම විමර්ශනය සිදු වෙමින් පවතින අතරතුර ජා ඇල පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටී සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සේවයට වාර්තා කර නොමැති අතර සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් 21 දින ඔහුට තනතුර අතහැර යාමේ නියෝග නිකුත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියල්ල තහවුරු කරගෙන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත..
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඕ.අයි.සී ගේ ජීප් රියේ අසභ්‍ය වැකි ලියු සී.අයි ට වැඩ වරදී
ලසන්ත Wednesday, 31 May 2023 12:21 PM
මේ විධියටම මැති ඇමැතිලාට එරෙහිව ඉදිරිපත් වන අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙනුත් "දීර්ඝ විමර්ශනයක නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියල්ල තහවුරු කරගෙන" කියලා අසන්නට ලැබේවා!
wedage Wednesday, 31 May 2023 01:46 PM
මේ ජීප් රියේ අයිතිකරු OICද? නැතිනම් ඉන්දියන් රජයෙන් දීපු එකක්ද?