IMG-LOGO

‘‘එළවළු ප්‍රවාහනය කරන ‌ලොරි වලින් නුවරඑළියට ‌කොරෝනා එන්න පුළුවන්‘‘

(ශාන්ත චන්ද්‍රසිරි)

කොළඹට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොරෝනා වයිරසය පැමිණීමේ අවදානමක් ඉදිරි සති කිහිපයේදී ඇතිවිය හැකි බව  තලවකැලේ - ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ආරක්ෂක අංශවලින් ලබා ගන්නා ඇඳිරි නීති බලපත්‍රය උපයෝගි කරගෙන උඩරට එළවළු ලොරි රථ මගින් කොළඹ මැනිං වෙළෙඳ  පොල වෙත රැගෙන යන බවත් පසුව එම ලොරි රථවලට කොළඹ හරස්වීදිවලින් වෙනත් භාණ්ඩ පටවාගෙන රැගෙන එන බවත් මේ වනවිට මැනිං වෙළෙඳ පොල ආශ්‍රීතව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් හමුවීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය නිර්මාණය වී ඇති බවත් ඒ මහතා පැවැසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කය රැකගැනීම වෙනුවෙන්  උඩරට එළවළු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථ සඳහා පොලිස් අවසර පත්‍රයට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලිඛිත අවසරයක්ද සහිතව  සිදු කිරීමට පියවර ගන්නේ නම් මෙම අවදානම් අවස්ථා අවම කර ගැනීමට හැකියාව ඇති බවද අබේගුණරත්න මහතා වැඩිදුරටත් කීය.



අදහස් (1)

‘‘එළවළු ප්‍රවාහනය කරන ‌ලොරි වලින් නුවරඑළියට ‌කොරෝනා එන්න පුළුවන්‘‘

Kolithahimi [email protected] Thursday, 02 April 2020 12:36 PM

කොහොම හරි ඔයාලගේ දිස්ත්‍රික්කයවත් ආරක්ෂා කරගන්න එක ඉතාමත් වැදගත් වෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site