IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එම්. ජී. ෂුගර් සමාගමේ හිමිකරු ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්කි දෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ශ‍්‍රී ලංකාවාසීන් පාරිභෝජනය කරන සමස්ථ සීනි ප‍්‍රමාණයෙන් සියයට 92 ක්ම පිටරටින් ආනයනය කරන හෙයින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස කන්තලේ සීනි සමාගම ආරම්භ කිරීමට අදහස් කළ බව එම්. ජී. ෂුගර් පෞද්ගලික සමාගමේ හිමිකරු වන කේ. ඩිප්පයියා නාගරාජා මහතා පළමුවැනි විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්කි දෙමින් අද (10) පැවසීය.

මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින විත්තිකරුවන්ගේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයන් දෙකෙන් එකක් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප‍්‍රතික්ෂේප කළ අතර අනෙක් විරෝධතාවය සම්බන්ධයෙන් නඩුව විභාග කරන අවස්ථාවේදී සළකා බලන බවට දැනුම් දීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ කෙරිණි.

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර්   පෞද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් කෝටි 5 1/2 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව පළමුවැනි විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්කි දෙමින් නාගරාජා මහතා එසේ පැවසීය.

මෙම විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවැරීමට අවසර දෙන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.

විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වශ්‍යයෙන් සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු කටයුතු කරති.



අදහස් (0)

එම්. ජී. ෂුගර් සමාගමේ හිමිකරු ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්කි දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site