අංජුල මහික වීරරත්න
ජනපති තවදුරටත් රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඒකාධිපතියකු ලෙස හැසිරෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ ජනබල මෙහෙයුම හත්වැනි දිනයේ දී තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ලබන 13දා පැවැත්වීමට යෝජිතව තිබූ ජනබල මෙහෙයුම ලබන 17 වැනි දා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට තීරණය කළ බවද මරික්කාර් මහතා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“ලබන බදාදා පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ තීන්දුව ලබන 14 වැනි දා වන විට ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ අනුව ජනබල මෙහෙයුම ලබන 17 වැනි දා පවත්වනවා.
මහින්දට විරුද්ධ විශ්වාසභංගය සම්මත කර රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර අධිකරණ තීන්දුවක් ලැබුණු පසු ජනපති ව්‍යවස්ථාවට ගරු කරන්නේ නැති නම් රටේ ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝණය කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පිළිගන්නේ නැතිනම් විධායකය ඒකාධිපති අයුරින් හැසිරෙනවා නම් ජනබල මෙහෙයුම දිනයේ දී තීරණයක් ගන්නවා.”
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘එජාපෙ තීරණය ජනබල මෙහෙයුමේ 7 වැනි දවසේ ගන්නවා’