
(ජේ.ඉඳුරුවගේ )
රේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
බන්ධිත ගුදම් පහසුකම යටතේ වාහන උපාංග එකලස් කර නිපදවූ මෙම වාහන ගුදමින් මුදාහරින විට ඒවා ආනයන භාණ්ඩ සේ සළකා තීරුබදු ගණන් බැලීම හා ගෙවීම සිදුකළ යුතු වුවත් එසේ නොකර දේශීයව සියයට 30 කට නොඅඩු අගයක් එකතුකර නිපදවන වාහන සඳහා ලබාදෙන සියයට 70 ක බදු සහනය කොටස් එකලස් කර නිපදවා දේශීය වෙළඳපොලට නිකුත් කර තිබූ එම වාහන 326 නිපදවූ සමාගම් දෙකකට ලබා දීමෙන් රජයට මෙම ආදායම අහිමිවී ඇති බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මෙම වාහන වෙනුවෙන් රුපියල් 350,432,000 ක බදු මුදලක් අයකළ යුතු වුවත් රේගු නීති රීති නොසලකා අමාත්‍යවරයාගේ නිර්දේශ පමණක් සළකා එම බදු මුදල රුපියල් 246 ,628 800 ක් දක්වා අඩුකිරීමෙන් මෙම පාඩුව රජයට සිදුවී ඇතැයි විගණන කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
ඕකට කරන්න තියෙන හොඳම දේ තමයි ලංකාවට වාහන ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම... ඊළඟට දැනට රටේ තියෙන සියලුම වාහන ප්‍රති අපනයනය කරන්න ඕනෑ... එහෙම කළාම අවුරුදු 76 ක් හිටපු පාලකයෝ කරපු දේ අවසන් කියලා කියන්න පුළුවන් ඒ සමග හිටපු පාලකයෝ හදපු සියලු මංමාවත් කර්මාන්ත ශාලා හා කර්මාන්ත පුර සියල්ලම විනාශ කරන්න ඕනෑ ඒවා හිටපු පාලකයෝ හදපු නැහැ කියන දේවල් නිසා එතකොට 1948 නිදහස ගත් කාලයේ වගේම ඉන්න පුළුවන් වේවි. ඉන් පස්සේ මාලිමාවෝ සංවර්ධනය කලේම නැහැ කියලා කයිවාරු ගැසීම හා ඒවා පිළිගත් මාලුමාමලා ඇත්ත යුක්තිය මොකක්ද කියලා තේරුම් ගනීවි. ඒත් වත්මන් මාලිමා කාරයෝ නම් පිළිගනීද කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ තරම් දුරදිග හිතන්න ඔවුන්ට කල්පනා ශක්තියක් නැහැ...!
වරදකරුවන් අල්ලා ගැනීම පහසු වැඩක්, ඇයි ඔවුන්ට දඬුවම් නොදෙන්නේ?
ඕවාට එකලස් කරපු වාහන කියන්නේ කොහොමද? ඕවා ගෙඩිය පිටින් කන්ටේනර්වල දමලා අදාල අංශවල නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව ලංකාවට ගෙනාපු වාහන, අංක වෙනස් කරලා බොහෝමයක් ඒවාට පොත් හදලා වසර ගණනාවක සිට ඔරිජිනල් නම්බර්ප්ලේට් සහිතව පාරේ ධාවනය වෙනවා... බොහෝමයක් එවැනි වාහන විකුණලා දැන් පාවිච්චි කරන්නේ 2, 3 වැනි අයිතිකරුවන්, සමහරු දන්නෙත් නැහැ මෙම වාහන හොරාට ගෙනාපු වාහන කියලා, මේවා කලේ දේශපාලකයින් පමණක් නොවේ, රේගුවේ, ආදායම් බදු සහ වෙනත් දෙපාර්තමේන්තුවල උසස් නිලධාරීන්, සමහර ව්‍යාපාරිකයින්, ප්‍රශ්නෙකට තිබෙන්නේ මේවාට සම්බන්ධ නිලධාරීන් තවමත් මේ දෙපාර්තමේන්තු පාලනය කරන නිසා මේ පිළිබඳ පරීක්ෂණ කරන්න අමරුයි...
මම හොඳ උදාහරණයක් දෙන්නම් 2009 වසරේ පමණ එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විපක්ෂය නියෝජනය කරන මාළු අමුවෙන් වුණත් කණ බවට ප්‍රසිද්ධ මන්ත්‍රී වරයෙකුට ජපානේ සිටින කෙනෙක් 1999 වසරේ පමණ නිෂ්පාධිත ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් එවනවා. හරි නම් පැවති නීතියට අනුව මේ ජීප් එක රාජසන්තක කරන්න ඕනේ. නමුත් මේ දේශපාලුවා විපක්ෂයේ හිටියත් මහින්ද රාජපක්ෂ සමග යටින් ඩීල් තිබෙනවා. ඔහු රාජ අනුග්‍රහය ඇතිව ජීප් එක එළියට අරන් ගරාජ් නම්බර් එකක් ගහලා පාවිච්චි කරනවා..., 2012 වසරේ දිනක මේ වාහනය රාත්‍රී 1 ට පමණ අධික වේගයෙන් තිස්ස පාරේ එනකොට මාරක අනතුරකට ලක්වෙලා පාරේ සිටි මනුස්සයෙක් මැරෙනවා. රියැදුරා ඉඳලා තිබෙන්නේ අධික ලෙස බීමතින්, වාහනය කුඩේ කුඩු, මන්ත්‍රී සහ වාහනේ ආපු පිරිස රෝහලේ, වාහනේ තිබිලා ෂොට් ගන් වර්ගයේ බලපත් නොමැති තුවක්කුවක්, ගංජා හමු වෙනවා...
ඔහු මේ අවස්ථාවේ මේ ස්ථානයේ ආරක්ෂාව භාරව සිටින හුංගම එවකට පොලිස් ස්ථානාධිපති ව සිටින තුෂාර නමැති පොලිස් නිලධාරී මහතාගෙන් මේ පිළිබඳව විමසනවා.. මේ තුෂාර නමැති නිලධාරී මහතා යකෙකුටවත් බය නැති අරක්කු සිගරට් පානය නොකරන, පගා ගන්නේ නැති කෙලින් වැඩකරන නිලධාරියෙක්... ඔහුගෙන් මාධ්‍යවේදීන්ට කිසිම බාධාවක් සිදුවෙන්නේ නැහැ. අන්තිමට ලියාපදිංචි නොකළ, රක්ෂණ සහතික නොමැති වාහනයක් බිමත්ව අදි වේගෙන් පාරේ ධාවනය කරලා අනතුරක් කරලා මිනිහෙක් මරපු, මන්ත්‍රීට හෝ රියැදුරාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවංක පොලිස් නිලධාරියා පමණක් ඌරු බොක්ක ප්‍රදේශයට මාරු කරනවා... හොරු ආරක්ෂා නොකිරීමේ වරදට...
අන්තිමට මේ පමණ විශාල විනාශයක් කල විපක්ෂ මන්ත්‍රී ඉස්පිරිතාලේ ඉන්න කොට ඔහු බලන්න ඉප්රිතාලේට යන්නේ එවකට කතානායක චමල් රාජපක්ෂ, මේක විශාල ඩිල් දේශපාලනයක් , හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවට කරන ආයාචනය , කරුණාකර 14 වෙනිදා ඡන්දේ දෙන කොට ඔබ මොන පක්ෂෙට කතිරේ ගැහුවත් මෙවැනි 8 සමත් ප්‍රසිද්ධ මැරයින්ට, හොරුන්ට මනාපේ ගහන්න එපා..., ඔබට කොපමණ හිතවත් වුණත්, ඔබගේ මළගෙදර ආවත්, ඔබත් එක්ක එකට කෑවා බීවත් මෙවැනි මිනිස්සු පාර්ලිමේන්තු යවන්න එපා, ඔබගේ දරුවාගේ අනාගතය මේ සියලු දෙයටම වැඩිය ලොකු බව සිතට ගන්න...