(බී.ජානක සහ එච් එම් ධර්මපාල)
මුහුණු පොත හරහා හඳුනාගත් බව කියන මෙරට තරුණයකුගේ ආරාධනයක අනුව පැමිණ ගල්කිස්ස අල්විස් පෙදෙස ‘‘බ්ලූඕෂන්‘‘ නිවාස සංකීර්ණයේ නැවති සිටි එංගලන්ත පුරවැසි තරුණියක එහි 13 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
සිනනයියා අලගේෂ්වරන් රොමීනා නමැති තරුණියකි.
මෙම තරුණිය හෙට දින නැවත එංගන්තය බලා යෑමට නියමිතය තිබූ බව ද පොලිසිය පවසයි.
මෙම සිද්ධිය අද අලුයම2.00 ට පමණ සිදුව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කත සමග මුහුණු පොත හරහා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයා පොලිස් බාරයට ගෙන ඇති අතර ඔහු නීති ශිෂ්‍යයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
ගලකිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මහේත්‍රාත් පරීක්ෂණ පැවැත් වූවාය. ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එංගලන්ත තරුණිය පැන්නාද? වැටුණාද?
Perakum Saturday, 09 September 2023 04:49 PM
පැන්නත් නෙවෙයි, වැටුණත් නෙවෙයි මේ කියන තරුණයා ඇය බිමට තල්ලු කරලා කියන එක ඉතා පැහැදිලියි.
කිරිපුතා Saturday, 09 September 2023 06:34 PM
අනේ මන්දා. තරුණියන් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ. හැඟීම් එක්ක ජීවත් වෙන්නේ නැතිව. කිසිම පිරිමියෙක්ව ලේසියෙන් විශ්වාස කරන්න නරකයි...
Pradeep Saturday, 09 September 2023 09:27 PM
2005 රෝයල් පාරක් සිද්ධිය වගේ...!
G. K. Ekanayake Saturday, 09 September 2023 11:58 PM
ඔය අහලකවත් CCTV නැද්ද?
de silva Sunday, 10 September 2023 08:01 AM
සිදිය හරි හැටි නොදැන නිගමන වලට එලබෙන්න බැහැ.
Bamunuarachchi Sunday, 10 September 2023 10:46 AM
කෑගහගෙන වැටුනානම් ඒ තල්ලු කරලා හරි ලිස්සා වැටිලා. නිෂබ්දව වැටුන නම් ඒ පැනලා. බ්‍රිටිෂ් කෙල්ලෙක් සිය දිවි හානි කරගනී කියලා හිතන්න අමාරුයි.
Janaka Sunday, 10 September 2023 04:51 PM
ඔච්චර ලස්සන කෙල්ලෙකුට මේල් ඔන්ලයින් වලින් කොල්ලෙක් හොයාගන්න ඕන ද,මොළය අවුල් කෙනෙක් නිසා වැටෙන්න ඇති
Bunny Preena Monday, 11 September 2023 11:52 AM
දැන් තියෙන්නේ පුදුම විදිහේ ආධාර සම්බන්ධතා. ක්ෂණික ආහාර පාන වගේ... හොඳින් කතා කරකර ඉඳලා සුළු ප්‍රශ්නයක් නිසා විනාඩියෙන්, දෙකෙන් සියල්ල වෙනස් වෙලා හදිස්සියේ ඇතිවූ සුනාමියක් වගේ තියෙන සාමය බිඳලා එය කෙළවර වෙන්නේ ජීවිතයක් බිලිගනිමින්. හරියට හඳුනානොගත් ආධාරයක් නිසා තරුණ ජීවිත නිකරුණේ විනාශ වෙනවා.
බද්රානි Wednesday, 20 September 2023 03:44 PM
ඕක තීරණය කරන්න පුළුවන් උඩ සිට බිමට වැටිලා තියන දුර ප්‍රමාණය අනුව... අසලටම වැටුනා නම් අනිවාර්යයෙන් උස්සලා බිබට අත හැරලා... බිමට වැටිලා දුර ප්‍රමාණය මැනලා තියනවද? කොහොමත් ලංකාවේ මදාවි ගැන විශ්වාස කරන්න බැහැ.. මට හිතෙන්නෙත් මිනීමැරුමක් කියලයි...