තරිඳු ජයවර්ධන
සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබුණත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල එම දිනයේදී ලබා දීමට නොහැකි වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනි දාත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දාත්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දාත් ලබා දෙන ලෙස මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබිණි.
මේ නිසා අද මධ්‍යම රාත්‍රී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වනු ඇතැයි පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් අපේක්ෂකයෝ බලාපොරොත්තුවෙන් සිටියහ.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රී (28 අලුයම) උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදීපයට පැවසීය.
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින දෙකතුනක් යනු ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.