IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


උප්පරවැට්ටි දමා ඡන්දය කල් දැම්මොත් බලා ගෙනයි

(අජන්ත කුමාර අගලකඩ)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇත.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,උත්තර ලංකා සභාගය ,නිදහස ජනතා සන්ධානය යන පක්ෂ හා කණ්ඩායම් මෙසේ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයත් ,2025 වසරේ අගෝස්තු මාසයට පෙර මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර,,නියමිත පරිදි මැතිවරණය නොපැවැත්වුවහොත් ජනතාවගේ ඡන්ද අයිතියආරක්ෂා කිරීම සඳහ නීති මඟින් කටයුතු කිරීමට හා මහජන බලයක් ගොඩ නැගීමට එම පක්ෂ හා කණ්ඩායම් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක් දැක්වූ නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේ,ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අභියෝග කිරීමට ආණ්ඩුවට නොහැකි බවය.

ආණ්ඩුව අවසන් උපක්‍රමය ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින්, ජනාධිපතිවරණය ද කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බව ඔහු කීවේය

විවිධ උපක්‍රම භාවිත කරමින් පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය කල් දැමුවා සේ ආණ්ඩුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද කල් දැමීමේ උත්සාහයක නිරතව සිටින බව කී හෙතෙම ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි බව සඳහන් කළේය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින් හා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සැබෑ ලෙසම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට නොව,මැතිවරණ කල් දැමීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම බවද ඔහු සඳහන් කළේය

ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ඡන්ද කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ තීරණය කර ඇතැයි ද මහාචාර්ය පීරිස් මහතා කීවේය.

 



අදහස් (10)

උප්පරවැට්ටි දමා ඡන්දය කල් දැම්මොත් බලා ගෙනයි

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Sunday, 15 October 2023 10:51 PM

ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට අකැමැතිද?

:       17       3

Perera Sunday, 15 October 2023 11:20 PM

මොවුන්ට හොඳින් හරි, නරකින් හරි ඡන්දෙ දිනාගන්න බැරි නම් ආයේ මේ කපේට කිසිම ඡන්දයක් තියන්නේ නෑ. හමුදාවල් වල පොලිසියේ සහාය ආණ්ඩුවට තියෙන තාක්කල් ජනතාවට, ආණ්ඩුවට විරුද්ධව පලකොට ඇති දෙයක් කරන්නත් බැහැ.

:       0       7

pj Monday, 16 October 2023 04:44 AM

කවදා ඉඳන්ද විපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වුණේ...?

:       5       1

Deepal Nirosh Monday, 16 October 2023 05:12 AM

බලාගන්න වෙන්නෙ බම්බුව තමයි, දැන් පළාත් පාලන මැතිවරණය කල් දැම්මා, පළාත් සභා ගැන හා හූවක් නැහැ. මොනව ද මෙයාල ගත්ත ක්‍රියාමාර්ග? ඉතින් තව මොනව බලා ගන්න ද?

:       1       8

Rohana Monday, 16 October 2023 07:51 AM

ජේආර්ගෙ බෑනා රනිල් බව කවුරුත් දන්නවානේ. මාමා කරපු වැඩ බෑනා නොකරයි කියල කාටද හිතන්න පුළුවන්.

:       1       7

Bamunuarachchi Monday, 16 October 2023 08:17 AM

චන්දෙ කල් දැම්මොත් මොනවා කරන්නද? තාම බැරි උනා ආණ්ඩුව ගේන පනතක් පරාජය කරගන්න.

:       8       5

fairoos Monday, 16 October 2023 12:38 PM

මේ කාලකන්නි රනිල් රාජපක්ෂ ආන්ඩුව තියනකම් රටට කිසිම සෙතක් නැ.

:       3       6

Bamunuarachchi Tuesday, 17 October 2023 07:12 AM

හම්බ සෙට් එක රටෙන් එලෙව්වොත් රටට විශාල සෙතක් වේවි.

:       0       0

ගමේ එකාලා Monday, 16 October 2023 03:19 PM

පින් ජනපතියා හදන්නේ දූෂිත පවුල් පාලනේ උන්ව රැකගන්ඩ හදන එක .චන්දයක් තිබ්බොත් දූෂිත දේසපාලුවන්ට යන එන මන් නැතිවෙනවා .

:       1       3

Athula Tuesday, 17 October 2023 08:52 PM

චන්දෙ නොතියා වෙට්ටු දැම්මොත් ඕකුන්ව එලියට අරන් පාරේ ඇදන් යනවා... ඒක වලක්වන්න බැහැ සක්කරයාවත් රනිල් සහ මයිනා සහ උන්ගේ තක්කඩි රැල දැන ගන්න ඕනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site