IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


උදයංගට කෙටි කලකට රට යන්න අවසර

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම එළඹෙන දෙසැම්බර් 4 වැනිදා තෙක් ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (05) නියෝග කළේය.

එසේම අදාළ නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා වසර 7 ක කාලයක් ගතවී ඇති බැවින් නැවත වරක් සිහි කැඳවීමේ ලිපියක් යොමු කරන බවද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා ප්‍රකාශ කළේය.

එහිදී සැකකරුවන් ලෙස නම් කර ඇති ලී සහ කිම් යන සිංගප්පූරු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ තම සේවාදායකයන් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත ලබාදී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවයි.

කැමැත්ත ලබාදී තිබියදීත් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා නොගෙන අපරාධමය වරදක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි පවසමින් ඔවුන්ට විරුද්ධව නිල් නිවේදන නිකුත් කර ඇතිබවද ජනාධිපති නීතිඥවරයා පැවැසුවේය.නමුත් කළ යුත්තේ අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වූයේ කෙසේදැයි විමර්ශනය කිරීම බවද ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

එහිදී අදාළ ගනුදෙනුවේ මුල් ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිපතිවරයාට උද්දෘත ගොනු කර ඇති බවත් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා දන්වා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ඒ පිළිබඳ මීටපෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට දැනුම් දුන්නේය.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාල නඩුකරය දෙසැම්බර් 4 වැනිදා නැවත කැඳවීමට නියමිතය.



අදහස් (12)

උදයංගට කෙටි කලකට රට යන්න අවසර

පිටිගල මිලානෝ Wednesday, 05 June 2024 04:54 PM

මේ හාදයා ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක්ට රට යන්න දෙන්න එපා. ඡන්දෙත් ළඟ නිදා යන රටක ගල්වෙයි.

:       0       3

රංබොඩ Wednesday, 05 June 2024 04:56 PM

මෙව්වා යට යන නඩු... මොකද පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හොරකම් කළා වගේ දරුණු හොරකම් නෙවෙයිනේ... කාලයත් සමග භූගත වෙලා යයි...

:       2       32

පිටරටවැසියා Wednesday, 05 June 2024 05:38 PM

මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට ආදාලව නඩුකරයා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා වසර 7 ක කාලයක් ගතවී ඇතත්, තාමත් නෑ.. දැන් මේ නීතිපතිටම නේද පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ හේතුව මත සේවා දිගුවක් දුන්නේ. අනේ අපොයි.!!!

:       2       19

fairoos Wednesday, 05 June 2024 05:53 PM

අර්ජුන් මහේන්ද්‍රන් වගේ මෙයාවත් හොයාගන්න බැරිවෙයි.

:       2       21

Lalith Wednesday, 05 June 2024 06:12 PM

අන්න එහෙම යන්න ඕනෑ. වෙලාවට යන්න දුන්නාම හොඳටම ඇති. ලංකාවේ ඉන්න කාලෙට රට යන්න තහනම් කළාට පාඩුවක් නැහැනේ...

:       1       17

විපරමා Wednesday, 05 June 2024 06:46 PM

මෙයත් හොර දූෂිතයෙක් තමා රාජපක්ෂ පව්ලේ ...කාලයක් කට්ටි පැන පැන හැන්ගිලා හිටියා. ගෝඨා ජනාධිපති වෙචිචි ගමන් ආවා.

:       2       17

Ruwan De Silva Wednesday, 05 June 2024 07:23 PM

ඉස්සර අපි ටීචර්ට ටොයිලට් යනවා කියලා කැන්ටිමට යනවා වගේ ටික කාලෙකට යනවා කියලා රටම පනිනවා... මරු නීති ලංකාවේ...

:       0       2

de silva Thursday, 06 June 2024 02:10 AM

මෙයා දන්නවා ඉදිරි මාස 3-4 ඇතුලත ආණ්ඩුව වෙනස් වෙනවා එහෙම වුනොත් , අලුත් නීතිපති කෙනෙක් ඇවිත් නිවැරදි කරුණු කරන ඉදිරිපත් වුනොත් නඩුව ඔප්පුවෙලා හිරේ යන්න වෙන්න පුළුවන් කියල , අනිවාර්යයෙන් මොහු රටින් පනිනවා එහෙම නොමැතිනම් මේ යන්නේ එම වැඩේට පිඹුරුපත් හදන්න , අර්ජුන මහේන්ද්‍රන් ගැන අද කවුරුවත් කතා කරන්නේ නැහැ .

:       0       3

Perera Thursday, 06 June 2024 07:05 AM

හැමෝම කීය කීය හරි හොයාගන්න කාලේ මේ අසරණයටත් මිග් ගනුදෙනුවෙන් පනම් හතරක් හොයාගත්තා කියලා මොකද මෙච්චර කරදර කරන්නේද?

:       1       0

Nawimanage Thursday, 06 June 2024 07:44 AM

නඩුකරය පිළිබද නීති උපදෙස් විමසා අවුරුදු හතක් ගතවී ඇතත් .....මේවා දකිනකොට නම් හිතන්නේ අපිට මාලිමා පැටවුන්ගෙන් (ජෙප්පන්ගෙන්) කොතරම් අලාභහානි වෙලා තිබුණත් උන්ලා මේවා නවත්වනවා කියලා පොරොන්දු වුනොත් මාලිමාවට ඡන්දය දෙන්නම හිතෙනවා දැන් සිටින වෙන එකෙක් වත් මේවා ගැන සොයා බලන්නේ නැහැ කියලා හිතෙනවා තවත් එකක් ඔය මිනිහා පාර්ලිමේන්තුව අහවල් දවසේ විසුරුවා පාර්ලිමේන්තුව මැතිවරණය පවත්වා රාජපක්ෂ පරපුරේ එවුන්ට තැනක් හදන්න දැගලුවේ ඕකට කියලා හිතෙනවා

:       1       2

Ruwan De Silva Thursday, 06 June 2024 08:39 AM

දැන් එයා ටික කාලෙකින් රට ගිහිල්ලා ආයෙත් ලංකාවට එයි, මෙන් කියලා. ලංකාවේ නීතිය නම් බල්ලට ගිහින්

:       0       2

de silva Thursday, 06 June 2024 02:41 PM

ජෙප්පන්ගේ ආර්ථික ප්‍රතිපතිය නම් අවුල් නමුත් ජෙප්පෝ මොනදේ කලත් ජෙප්පොන්ට දුන්නොත් සමහරවිට මෙවැනි හොරුන්ව හිරේ අරිවී , සජිත් ගැනත් මේවා නවතාවි කියල විශාල බලාපොරොත්තුවක් තියාගන්න බැහැ , ඔහු පරණ පොහොට්ටු හොරු පක්ෂෙට ගන්නවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 120 0

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
2025 මැයි මස 06 872 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 390 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
2025 මැයි මස 06 319 0

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ


‘නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය දෙන්න බාධාවක් නැහැ‘
2025 මැයි මස 06 114 0

නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්


අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2025 මැයි මස 06 57 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 744 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1232 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site