
( ප්‍රසාද් රුක්මල් )
ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (8) උදෑසන යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය පසුකට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ට ළඟාවෙමින් තිබියදී ඊයේ (7)රාත්‍රි එක්වරම දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී එම දුම්රිය එන්ජිම ගල්පර්වත අතරේ සිරවී නතර වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබිණි .
මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය අද (8) උදෑසන වන තෙක් හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා උදෑසන 5.40 ට කොළඹ කොටුව බලා ධාවනය වූ අතර , ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයේ ගල්පර්වත තුල සිරවී තිබු කොළඹ කොටුව බදුල්ල අංක 1007 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය උදෑසන 5. 00ට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ගමන් ආරම්භ කළ බවද නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
ඔහිය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් දියතලාව යුද හමුදා නිළධාරින් එක්වී දුම්රිය මාර්ගය ට කඩා වැටී තිබු විශාල ගල්පර්වත මහත් වෙහෙසක් දරා ඉවත් කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය .
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට