
(අමදෝරැ අමරජිව)
ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.
ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය සමනයවු පසු ලබන ජනවාරි සිට යලි මගී ප්‍රවහන සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරේ වරායේ මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා මහතා පැවැසීය.
"චෙරියපාණි" නැමැති මෙම නෞකාවෙන් එකවර මගීන් 150 කට ගමන් කළ හැකි අතර ඉන්දියාවේ නාගපට්ටනන් වරායේ සිට ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා මගි ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කරණු ලැබුවේ වසර 41 කට පසුව ඉකුත් ඔක්තෝබර් 14 වෙනිිිදාය.
මේ අතර මගී ප්‍රවහන මෙහෙයුම්වලට අමතරව ඉදිරියේදි දෙරටේ භාණ්ඩ ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමුවි ඇති බව මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා මහතා කීහ. මෙය සාර්ථක වුවහොත් උතුරේ භාණඩ ප්‍රවහන කටයුතුවලට වැඩි ඉඩක් ලැබෙන බවද ඒ මහතා කීහ.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊසාන මෝසම ඉන්දු ලංකා මගී නැව නතර කරයි