IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්

(නිමල කොඩිතුවක්කු)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය,  ආරක්ෂක සහ ඩිජිටල්  ඇතුලු ද්විපාර්ශවික  ගිවිසුම් කිහිපයකට  එළැබීමට රජය අදහස් කර ඇතැයි  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී  පැවසීය.

මෙයට අමතරව ඉන්දීය අගමැතිවරයා සහ මෙරට ජනාධිපති සමඟ ද්විපාර්ශවික සාකච්ඡා  ඇතුලු වැඩසටහන් රැසක් මෙම සංචාරය අතරතුර සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීවේය.

“ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හෙට(04) වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.  05 වැනිදා සහ 06 වැනිදා  යොදාගත් විශේෂ වැඩසටහන් තිබෙනවා.  අප්‍රේල් 05 වැනිදා උදෑසන නිදහස් චතුරස්‍රයේ දී  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීම සිදුවෙනවා.  ඉන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ  ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඉන්පසු  ඉන්දීය අගමැතිවරයාත්  අපේ ජනාධිපතිවරයාත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවලට  විශේෂ ප්‍රකාශ නිකුත් කිරීමට නියමිතයි.



අදහස් (10)

ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්

Nawin Wednesday, 02 April 2025 11:21 PM

ලස්සනයි අගේන් ඉන්දියනු ව්‍යාප්තවාදය එක්ක ඉන්න විදිහ

:       0       4

සෑම් පෙරේරා Thursday, 03 April 2025 12:10 AM

මොන දිවිපාර්ශිකද…? ඔක්කොම ත්‍රයි පාර්ශික LTTE ඩයස්පෝරා කාරයෝත් ඉන්නවා ආන්ඩුවේ හවුල් කාරයෝ ලෙස…. ඔක්කොම LTTE ඩයස්පෝරා උන් කියන දේවල් මේ ද්‍රෝහීඑ ආන්ඩුව කරන්නේ…. අපිට රටක් නෑ කියලා හිතා ගම්මු….. ABBA අහ අහ මව්බිම නෑතිනම් මරනය කරපු උන්නේ…

:       2       4

Bandara Thursday, 03 April 2025 03:24 AM

පුනරුද දවස අප්‍රේල් 01 සමරලා අපට කියන දේවල් තමා!

:       1       5

Mohan Mangala Mapa Thursday, 03 April 2025 09:21 AM

ගිවිසුම් ගැසීම ඉතාමත් හොඳයි, අපට දියුණු විය හැක. බොහෝ ගිවිසුම් ක්‍රියාත්මක නොවීමට හේතු: Feasibility study නොකිරීම හොඳින් සැලසුම් නොකිරීම වැදගත්ම දේ වන Monitor සහ Control නොකිරීම මේවා හරිහැටි කළහොත් සාර්ථක කරගන්න පුළුවන්.

:       0       4

de silva berlin Thursday, 03 April 2025 10:51 AM

රටේ ජිවන වියදම සහ නිෂ්පාදන වියදම අඩුකර රට ආර්ථිකව ශක්තිමත් කරගන්න නම් ඉන්දියාව සමග පමණක් නොව සාර්ක් කලාපයේ අනෙක් රටවල් සමගත් යුරෝපා සංගමයේ රටවල් ක්‍රියාත්මක කරන ආකාරයට නිදහස් වෙළද ගිවිසුම් අත්සන් කලයුතුය , සංචාරක කරමාන්ත සහ අපනයන ශක්තිමත් කරගන්න එවිට අපට හැකිවේවි ,

:       1       3

Harimanis Thursday, 03 April 2025 10:53 AM

කියපු දේවල් සහ කරන දේවල් අතර ලොකු පරතරයක් තියෙනවා නේද?? අවුරුදු ගණනකට කලින් මේ දේවල් කරන්න යනකොට මේ කට්ටියම මහපරිමාණයෙන් පැවති ආණ්ඩුවේ කකුළෙන් ඇද්දා නේද?? කවුද ඇත්තටම ලංකාව වලපල්ලට තල්ලු කලේ ?? හිතන්න මොහොතක්.

:       3       8

R.T.sarath Thursday, 03 April 2025 11:31 AM

හරමානිස් මාලිමාව චන්දෙට කලින් කියපු දේවල් කරන්න ගියානම් අපි ඉන්නේ මේ අවස්ථාව වෙනකොට විශාල ආර්ථික අර්බුධයක , මේ විදිය හොඳය , නමුත් මාලිමාව ඉදිරි චන්ද වලදී කරන්න පුළුවන් දේවල් පමණක් ජනතාවට කියන්න එවිට අනවශ්‍ය ප්‍රශ්න පසුව ඇතිවෙන්නේ නැහැ

:       3       3

Jothi Thursday, 03 April 2025 10:24 PM

මේ වගේ පුස් තක්කඩියෙක් ඉන්නවා අපේ ගමේ

:       0       1

saman Friday, 04 April 2025 08:39 AM

පරණ ජෙප්පො වලෙන් නැගිටල ඇවිත් මෙයාට ගහනව මේව දැක්කොත්.මුංගෙ පස්සෙ ගිය 50000 ක් තරුණයො නිකරුනේ නැහුන.

:       1       1

Palitha Friday, 04 April 2025 09:05 AM

මූනේ මාර ඕපා දූප ගතියක් තියෙන්නේ. පච වැක්කෙරෙනවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site