IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමරිකා- චීන තීරු බදු වෙළෙඳ යුද්ධයක ඇරැඹුමක්

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා "අන්‍යෝන්‍ය" තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතින බව හිටපු  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රධාන ආර්ථික බලවතුන් එකිනෙකාට අභියෝග කිරීම  අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

වර්තමාන ලෝක ප්‍රජාවේ මේ බිඳවැටීමේදී වඩාත්ම බලපෑමට ලක්වන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වන අතර භාණ්ඩ එකක් හෝ දෙකක් හෝ අපනයනය කරන ආර්ථික ඇති රටවල  ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන වෙළඳපොළ බවද එම නිවේදනය පවසයි.

සාකච්ඡා වලින් පසුව පවා තීරුබදු අප්‍රේල් 2 වැනි දිනට පෙර පැවති මට්ටම් කරා ආපසු නොඑනු ඇතැයි ද මෙය ශ්‍රී ලංකාවේ අපනයන වල බාධාවක් ඇති කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්ත ශාලා වැසීමට සහ විශාල පරිමාණයේ රැකියා වලින් දොට්ට දැමීම් සිදු වන බවද එම නිවේදනයේ දැක්වේ.

ඉන්දියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා මාස 3ක් ඇතුළත ඉන්දියාව සමඟ ECTA   සාකච්ඡා අවසන් කිරීමට රජය සියලු පියවර ගත යුතුව පවතින අතර තායිලන්ත-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම ක්‍රියාත්මක කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.



අදහස් (25)

ඇමරිකා- චීන තීරු බදු වෙළෙඳ යුද්ධයක ඇරැඹුමක්

Indhika Tuesday, 08 April 2025 06:10 PM

කට වහගෙන හිටපන්කෝ. හැම මගුලටම හොට දාන්නේ නැතිව. දැන් නම් අප්‍රසන්න වෙලා තියෙන්නේ.

:       0       1

යෝගා Tuesday, 08 April 2025 06:20 PM

වේගය මනින්නේ ආලෝක වර්ෂ වලින් කියලා හිතාගෙන ඉන්න මිනිහෙක් ඔය වගේ බරපතල දේවල් කොහොම තේරුම් ගන්නද? ට්‍රම්ප් හොරා කිව්වොත් අන්න තේරෙයි.

:       1       0

වින්සන්ට් කජ්ජා Tuesday, 08 April 2025 06:26 PM

අනේ මන්දා , දැන්නම් බෝතලේකට දාන්න වෙනවා කට්ටඬියෙකුට කියල.

:       0       1

මැක්ස් Tuesday, 08 April 2025 06:35 PM

මෙවැනි දුරදක්නා නුවණැති නායකයන් ඉවත් කර බොරු පුරාජේරු කාරයන්ගේ සුරංගනා කතාවලට රැවටුණු ශ්‍රී ලාංකීය ජනතාවට මෙය කදිම පාඩමකි. එසේම, විපක්ෂයේ සිටින සන්දියේ අනවශ්‍ය අයුරින් ජනතාවට නොයෙක් බලාපොරොත්තු ලබා දෙමින් තාවකාලික "චූන් වීමක්" ලැබූ අනුර ප්‍රමුඛ මාලිමාවන්ට ඉතා ඉක්මනින්ම දිට්ට ධම්ම වේදනීය කර්මය පඩිසන් දීම, කර්මයේ බලසම්පන්න බව කියා පෑමකි.

:       15       5

Nalaka Tuesday, 08 April 2025 07:02 PM

ඉතින් පිනා චීනෙට උපදෙස් දෙන්න යන්න ..

:       5       12

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 07:03 PM

ඔයා කිව්ව නිසා අපිට තේරුණා, දැන් ඔයා පැත්තකට වෙලා ඉන්න අපි විසදා ගන්නම් !

:       4       12

කසුන් Tuesday, 08 April 2025 08:29 PM

මල ස්ත්‍රී ලිංගයක් උනානෙ යකෝ මේ මහල්ලා….!

:       3       15

ranfet Tuesday, 08 April 2025 08:30 PM

මෙතුමාගෙ අගය දැනෙන මොහොතක්.

:       15       5

Srinath Tuesday, 08 April 2025 08:32 PM

හරිම ස්තුතියි අපිව දැනුවත් කළාට. ඒකෙන් දන්නේ නැති ජනතාවට විශාල සේවයක් වෙනවා.

:       12       3

කව්ද බෝයි Tuesday, 08 April 2025 08:35 PM

ආනන්තරී පාපකර්ම කියන්නෙ මෙන්න මේවට තමයි. මෙලොවදී මෙන්ම, එලොවදීත් පළදෙනවා. වඩාත් පැහැදිලිව කිව්වොත් බලයේ ඉන්දැද්දීත් කන් කරච්චලේ, බලයෙන් පහ කරලා ගෙදර යවලත් කන් කරච්චලේ...

:       5       15

Piyal Tuesday, 08 April 2025 09:37 PM

පුදුම කන්දොස්කිරියාවක් උනානේ මේක

:       4       14

ලූට මූස් Tuesday, 08 April 2025 09:40 PM

අර උම්මග්ග ජාතකේ වගේ, කට අරින අරින වෙලාවට මුන්දැගෙ කටට එළුබෙටි විදින්න එකෙක් නැද්ද බොලව්….?

:       4       14

සම පෙමා Tuesday, 08 April 2025 09:43 PM

බලේ ඉන්න කාලෙ සමපෙම් කෙලලා, දැං එනව ප්‍රකාෂ උස්සගෙන!

:       3       15

chandima Tuesday, 08 April 2025 09:59 PM

"කට ඇරලා වගේ. වෙළඳ යුද්ධය ආරම්භ වෙන්න පෙර පත්තර වල දින කිහිපයක ඉඳන්ම තිබුණානේ ?"

:       3       4

Chathuri Tuesday, 08 April 2025 10:41 PM

නාකි රනිල් දන්නෙ කොටවන්න විතරයි මේක පලිගැනීමක් නෙමේ මෝඩයෝ අතිශයින්ම දියුනු රටක් එකරැයින්හි නිපෙත්තටම නගින්න යන්නෙ. අපේ රටේ ගොබ්බ හොරු දන්නෙ තමන්ගේ මව් රට හොරාකාලා වල පල්ලට දාන්න. මේ ජනපති තමන්ගෙ සාක්කුව පුරවලා වටේ ඉන්න අයට රජසැප දෙන්න නෙමේ මේ කරන්නෙ. තමන්ගෙ මව් රට මුලුලෝකෙටම බලය පෙන්වන්න යන්නෙ ඉතින් මේක වරදක්ද. ජනාදිපතිවරු කියන්නෙ අන්න එහෙම අයට. නුබලා ජනාදිපතිවෙලා මේ පොඩි රටට කරපු අපරාද මිනිමරපු තරම් උබලා දන්නෙ ඕවා. පතාලයේ නිවටයෝ මරන්නෙ අසරනයින්. මරන්න ඕන ලන්කාව බංකොලොත් කරපු උන්ව. අනුරකුමාර. හොද එඩිතර නායකයෙක් . පිනාලා එයාගෙ කකුලෙන් අදින්න ගියාට වැඩක් නැහැ. ලගදීම බෙල්ලට තොන්ඩුව වැටෙනවා ඇමරිකාවේ ජනාදිපති අනිවාරෙයෙන්. අනුරකුමාරට උදව් කරනවා. ණයක් ගන්න නෙමේනේ බදු මුදල් අඩු කර ගන්න.

:       3       14

Shelton Wednesday, 09 April 2025 05:47 AM

ඇමරිකාවට බැණ වදිමින් පතුරු ගහමින් චීනුන්ට කඩේ යන ලංකාවේ දේශපාකයින්ගේ ඔලමොට්ට විදෙස් පිලිවෙත නිසයි මේ වින්නැහිය වෙලා තියෙන්නේ.චීන්නු කියන්නේ තුන්වෙනි ලෝකයේ රටවල් සූරාකන ඉන් නොනැවතී සම්පූර්ණයෙන්ම ඒ රටවල් ගිලගන්න කටයුතු කරන විනාශකාරී බලවේගයක්.මේ සිද්ධියෙන් පස්සේ වත් අපේ අයට ඇස් ඇරුනොත් හොදයි.

:       2       6

පුරවැසියන් Wednesday, 09 April 2025 06:18 AM

අවුරුදු 40කට වැඩි කාලයක් මන්ත්‍රී ඇමැති අගමැති ජනාධිපති වෙලා රටම කෝටි ප්‍රකෝටි ගනං ලෝකෙට ණය කරලා අන්තිමේ ජනතාව විසින් එලවලා දාපුවාම දැං එනවා ආර්ථික උපදෙස් දෙන්න .

:       4       13

ලව්සික් Wednesday, 09 April 2025 07:25 AM

මුක පූට්ටු මංතරයක් දන්න කෙනෙක් ඉන්නවද අනේ…..?

:       4       15

යම රජ Wednesday, 09 April 2025 07:28 AM

යකුනේ….,මට බය මේකා අපායෙ ඉදගෙනත් ප්‍රකාෂ නිකුත් කරන්න පටන්ගනීවිද කියලා බොලව්!

:       3       12

සාලිය Wednesday, 09 April 2025 07:34 AM

ලෝකයටම ආහාර නිශ්පාදනය කරන රටක් බවට පත් වූවා නම් , ඊශ්‍රායලය වගේ වූවා නම් , මහ එවුන්ගේ රණ්ඩු වලට අප තැලෙන්නේ නැත. ඇගලුම් අටමගලයක් මුදුනේ තියන් ඉන්න තාක් කල් ලෝකය මත රැදීමට සිදුවේවි.

:       1       11

himalWednesday, 09 April 2025 03:00 PM

ඊශ්‍රායලය පිටිපස්සේ ඉන්නා මහ බලවත්තු කවුද කියලා දන්නේ නැද්ද? ඇඟලුම් අටමගලයක් කියන්නේ එහෙම නැත්නම් රට යවන්නේ තේ, පොල්, රබර්ද? අමතක කරන්න එපා, සමාජවාදය ඔලුවේ තියාගත්තු රටවලට ගහපු බදු අනුපාතයට ආසන්නව තමයි බදු ගහන්න යන්නේ.

:       0       0

RAVIN Wednesday, 09 April 2025 07:35 AM

බැරිද එතනටත් රිංගලා කකුක් මාට්ටුවක් දාන්න

:       1       9

Rata Perata Wednesday, 09 April 2025 11:48 AM

නිකන් බයිලා කියන්නේ නැතුව ඉන්න

:       0       1

Srinath Wednesday, 09 April 2025 12:09 PM

අපිට අදහස පල කරන්න අවස්ථාව දුන්නට ස්තුතියි.

:       0       0

prasanna Wednesday, 09 April 2025 12:24 PM

මාලිමාවේ නූගත් ගම්කබරයින් ෆෝම්වෙලා...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site