(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට අයුතුව ඇතුළු වී කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරක කාලයක් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස සේවය කළ ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (26) නියම කළේය.
රුපියල් 25,000/-ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 ක් වටිනා ශරීර ඇපයක් මත සැකකාර පොලිස් සැරයන්වරයා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් පසුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කළේය.
තමාට ඇප නියම කිරීම මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප කර ඇති හෙයින් තමාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇය ඇයැදුමක් සළකා බලමින් ඔහුට ඇප නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් පසුව පරීක්‍ෂණ වලට බාධාවන් සිදුකරනු ලැබුවහොත් හෝ සාක්කිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කරන බවද දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් මෙලෙස ඇප නියම කරන ලද්දේ මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස සේවය කළ ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන් අරුණ ශ්‍රී නන්දන සිල්වා මහතාය.
පොලිස් සැරයන් අරුණ ශ්‍රී නන්දන සිල්වා මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කරුණු ඉදිරිපත් කළ නීතීඥයින් පසුගිය 2018 ඔක්තෝබර් 22 වැනිදා කිසියම් පිරිසක් ලංකා ඛණීජ තෙල් නිතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට අයුතු ඇතුළු වී කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් අවස්ථාවේදී තම සේවදායකයා වෙඩි තබා ඇත්තේ තම සේවදායකයාගේම හා ඔහුගේ ප‍්‍රභූවරයාගේ ජීවීත ආරක්‍ෂාව වෙනුවෙන් යැයිද ඒ තත්වය යටතේ මෙම සිද්ධියට අදාළව මාස හතරක කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු පිළිගත් විනිසුරුවරයා ඔහු අදාළ කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇමැති අර්ජුනගේ ආරක්ෂක නිලධරයාට ඇප