(රංජන් කස්තුරි)
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යංශයට අයත් ආයතන කිහිපයක් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට පවරා තිබේ.
ඒ අනුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ සීමාසහිත ජනතා ෆර්ටිලය්සර් එන්ටර්ප්‍රයිසස් යන ආයතනවල වගකීම් පවරා තිබේ.
වාරිමාර්ග සහ ග්‍රාමී සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා යටතට පත්කර ඇති ආයතන වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ග්‍රාමීය පුනර්ජීවන අරමුදල, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන අරමුදල, ජනදිරිය අරමුදල(ග්‍රාමීය මණ්ඩල අරමුදල), සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කො(ප්‍රයිවට්) ලිමිටඩ් හා ආශ්‍රිත සමාගම්, සීමාසහිත මහවැලි ලයිව්ස්ටොක් එන්ටර්ප්‍රයිසස් සමාගමය.
මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පවරා දී ඇති ආයතනවන්නේ මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘති, මහවැලි ඒකාබද්ධ ව්‍යාපෘතිය, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සහ වී අලෙවි මණ්ඩලය ය.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමති චමල් අමාත්‍යංශයට අයත් ආයතන ඇමැතිවරුන් තිදෙනෙකුට පවරයි