IMG-LOGO

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නවක්‍රමවේදයක් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ඒ අනුව ක්‍රම හතරක් ඔස්සේ ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කෙරේ.පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාල සහ පොලිස් ස්ථාන මගිනි.
 
බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නේ පොලිස් මූලස්ථානය විසිනි.
 
බස්නාහිර පළාතේ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැවරේ.
 
සෙසු පළාත්වලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සිටින ආයතනවලට බලපත් නිකුත්කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදුකෙරේ.
 
ඒ ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් 10ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50ට අඩු ආයතනවලට ඇඳිරි නීති බලපත් නිකුත් කරනුයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසිනි.
 
පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව 10ට අඩු ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානවලට පවරා තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ක්‍රමවේදය සකස්කිරීමට පියවර ගෙන ඇත.

නිවේදනය පහත දැක්වේ.



අදහස් (0)

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site