IMG-LOGO

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

(එච්. චන්දන )

ඇඳිරිනීති බලපත්‍රයක් නොමැතිව තවත් තිදෙනෙකු සමග වාහනයකින් ගමන් කළ බව කියන පොලිස්  කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.
 
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පුත්තලම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
 
තවත් තිදෙනෙකු සමග වාහනයකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මීගමුව - කොච්චිකඩේ ප්‍රදේශයේදී  මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් විසින් එම පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.
 
එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයාට හෝ ඔහු සමග සිටි සෙසු පුද්ගලයින් තිදෙනාට ඇදිරි නීති බලපත්‍ර තිබී නැත.
 
රාජකාරි හැදුණුම්පත භාවිතා කරමින් ඔවුන් පුත්තලමේ සිට  ගමන් කර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
 
ඒ අනුව සිදු කරන ලද  පරීක්ෂණයකින්  අනතුරුව අදාල පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 07 වැනිදා සිට අත්හිටුවීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර  තිබේ.



අදහස් (4)

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

jagath Wednesday, 08 April 2020 05:19 AM

මෙවැනි පැමිනිලි ගැන ක්‍රියාත්මක වෙනවාද? එසේ පැමිනිලි කල තැනුත්තාගේ ආරක්ෂාව සම්බන්ධව වගකියනවාද?

:       0       4

Ruwan Wednesday, 08 April 2020 07:50 AM

හොද වැඩක්

:       0       2

ලුම්බිණි Wednesday, 08 April 2020 08:16 AM

මේක මෙහෙම වුණත් මහජන රැස්වීම් තියපු අයට කිසි දඬුවමක් නැහැ.

:       0       1

wije Wednesday, 08 April 2020 09:31 AM

රටේ නීතිය ආරක්ෂා කරන්න ඉන්න අයම මේ විදියට නීතිය කඩනවානම් මොන තරම් අවාසනාවන්ත තත්වයක්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site