(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපිත කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන අක්‍රියව තිබියදී නීති විරෝධී ලෙස අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් කෝටි 3923ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
එම යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නොගෙවීමට වග බලා ගතයුතු බවට භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලිව උපදෙස් දී තිබියදී එයට පටහැනි ලෙස 2023 වර්ෂයේදී අතිකාල හා නිවාඩු දින වැටුප් මෙසේ ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
එලෙස අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72 ක් පමණ වූ බව එම වාර්තාව සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තිරසර සංවර්ධන දර්ශක තිස් එකෙන් දර්ශක දහතුනක් සඳහා 2023 වර්ෂයට අදාළ ප්‍රගතිය වාර්තා කර නොතිබුණු බව පවසන විගණන අංශ ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක දොළහකට අදාළ දර්ශක වල අවශ්‍ය කාර්ය සාධන මට්ටම ළඟා කරගෙන නොතිබුණු බවද ප්‍රකාශ කරයි.
මේ අතර 2022 හා 2023 වර්ෂයන්හි රුපියල් කෝටි 2200කට වැඩි වටිනාකමක් සහිත ප්‍රසම්පාදන 663 කට අදාළ හදිසි ප්‍රසම්පාදන කර තිබූ නමුත් එම ප්‍රසම්පාදන එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඟිලි සලකුණු යන්ත්‍ර පසෙක තබා කෝටි 3923ක OT ගෙවලා
PA RA Thursday, 03 July 2025 08:43 AM
බුද්ධිමත් අය රජයේ සේවයට ගත්තම ඔහෙම තමයි. වැරදි හරිද බලා ඒවා පිළිවෙළ කරන කාලය වන විට රට අවුරුදු ගණන් පසු පසට අනෙක් රටවල් සමඟ සංසන්දනය කරන විට. මෝඩ අපි විදේශ ගත වෙලා එම රටවල් දියුණු කරන්නේ අර බුද්ධිමතුන් පත්කර ගත් නිසාවෙන්