(අංජුල මහික වීරරත්න)
මේ වනවිට රටේ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම් වල බලපෑම නිසා ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (4)පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම කළේය. පසුගිය දිනවල පැවැති දැඩි නියඟය නිසා වී වගා කළ අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර දැනට පළාත් කිහිපයකට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ අක්කර සිය ගණනක වී වගා විනාශ වී ඇතැයි අමාත්‍යවරයා කීය.
පහතරට එළවළු වගාවන් ද මේ වනවිට වර්ෂාව නිසා විනාශ වී ගොස් ඇතැයි ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කර තිබු අක්කර 15,000ක පමණ මුං ඇට වගාවන් ද මුළුමනින්ම විනාශව ගොස් ඇති අතර රටේ සමස්ත මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාවෙන් ලබා ගැනීමට හැකිව තිබූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව අවධාරණය කළ අමාත්‍යවරයා හැකි පමණින් ගෙවතුවල එළවළු වගා කිරීමේ වැඩ පිළිවෙළක් හා මෙවර මහ කන්නයේ ආහාර බෝග වගා සැලැස්මක් වහාම ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආහාර හිඟයක් ගැන අනතුරු අඟවයි
City Thursday, 05 October 2023 06:14 AM
කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇත.
Asanga Thursday, 05 October 2023 09:32 AM
අර ආපු නැති පෝර නැවට ගෙවපු සල්ලි වලින් අපට ආහාර ගෙන්වාගන්න බැරිද?
Kiriputha Thursday, 05 October 2023 11:19 AM
ඔය කෘෂිකර්ම ඇමතිකමට ඉස්කොලෙ වැස්සකටවත් ගියකෙනෙක් පත්කලොත් කෘෂිකර්මය බෙරගතහැකිවනු ඇත.
kumara Thursday, 05 October 2023 12:47 PM
මුං ඇට විතරනේ. එතකොට පිටරටින් ගේන ඒවටත් මේකෙන් බලපෑම් එනවද මහත්තයෝ