IMG-LOGO

‘ආණ්ඩුවේ බහුතරය හෙට නැතිවෙනවා‘

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට සූදානමින් සිටින බව  හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

එම කණ්ඩායම ස්වාධීන වී හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව ද ලන්සා මහතා කීය.

ඒ අනුව ආණ්ඩුවේ ආසන 113 ක බහුතර බලය අහිමි වන බව නිමල් ලන්සා මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේඅද (04) දින මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ආණ්ඩු පක්ෂය අය ලෙස එහි බහුතරය නැතිකර ආණ්ඩු පාලන බලය වෙන පිරිසකට දී විපක්ෂයේ කාර්යභාරය කරමින්ම ආණ්ඩුවට සහයෝගයදීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

කිසිම තනතුරක්, වරප්‍රසාදයක් නැතුව රටේ ප්‍රශ්න විසදන්නට තම කණ්ඩායම පත්වන ආණෟඩුවට සහය වන බව ද හෙතෙම පැවසීය.



අදහස් (5)

‘ආණ්ඩුවේ බහුතරය හෙට නැතිවෙනවා‘

චන්දන Monday, 04 April 2022 12:59 PM

දැන් සජිත්ට දෙන්නද හදන්නේ? ඒකට නම් සූදානම් වන්න එපා.

:       8       41

Prabha Monday, 04 April 2022 01:17 PM

ඔන්න මිනිස්සු... පොඩි කාලේ අහපු යාලුවෝ දෙන්නෙක් කැලයක් මැද්දෙන් යනකොට වලහෙක් හම්බ වුණා, කතාව මතක් වුණා..

:       2       33

රමිත Monday, 04 April 2022 01:18 PM

බබා හුකුං වෙන්න හදන්න එපා...

:       0       36

Nandana Monday, 04 April 2022 01:48 PM

මෙයා ආණ්ඩුවට කුඩු වෙන්න ගහනවා වගේ...

:       1       21

sharm warn Monday, 04 April 2022 02:04 PM

මේ ඉතින් ඡන්ද ටික බේරගන්න ගහපු ගැටයක්... පාර්ලිමේන්තු බහුතරය නෙවෙයි, රටේ බහුතරයත් නැති වෙලා ඉන්නේ කියලා තේරුණාද දන්නේ නැහැ...?

:       2       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 511 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site