(බී.ජී.චතුරංග)
අනුරාධපුර නගරයේ සහ ඒ අවට පසුගිය 4 දා රාත්‍රී කලහාකාරී අන්දමින් හැසිරෙමින් ඇමති නිවාස කාර්යාල රථ වාහන කීපයකට පහර දීමේ සිද්දීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් අට දෙනෙකු අද දහවල් වන විට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගරය සහ ඒ අවට පදිංචි පුද්ගලයන් අට දෙනකු බවත්, එම සිද්ධීන්වලට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.
පසුගිය 4 වන දා පස්වරුවේ සිට පසුදා අලුයම වන තෙක් කලහාකාරී පිරිසක් අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, දුමින්ද දිසානායක, එස්. එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේමරත්න, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.බී සෝමදාස යන මහත්වරුන් ගේ නිවාස වලට සහ කාර්යාලවලටත් ප්‍රභූවරුන් යන එන දේවාලයක් පවත්වා ගෙන යන කාන්තාවකගෙ නිවසකටත් ගල් මුගුරුවලින් පහර දීම, කටවුට් ගිනි තැබීම, රථ වාහන වලට පහර දීම ඇතුළු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් සැක පිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අ'පුර සිද්ධියේ කලහකාරීන් 8ක් මාට්ටු
Prabha Wednesday, 06 April 2022 03:21 PM
දේවාලෙට ගැහුවා විතරයි... කපුවා නෑ..