IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අල් ශිෆා රෝහල මරණය වැළදගන්නා කළාපයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ගාසා තීරයේ අල් ශිෆා රෝහල මේ වන විට මරණය වැළඳගන්නා කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායල හමුදාවේ නියෝගය මත වෛද්‍යවරුන්, රෝගීන් සහ අවතැන් වූ පුද්ගලයන් බොහෝ දෙනා රෝහලෙන් ඉවත් වූ පසු ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා(18) අල්-ශිෆා රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කළේය.

මරණය වැළඳගන්නා කලාපයක්අල් - ශිෆා රෝහලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් කණ්ඩායම ඇතුළු වනවිට සමූහ මිනි වළක් දුටු බවත් එහි මෘත දේහයන් 80 කට වැඩි ප්‍රමාණයක් වළලා ඇතැයි පලස්තීන බලධාරීන් පැවසූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ විවිධ දෙපාර්තමේන්තු වල මහජන සෞඛ්‍ය විශේෂඥයන්, සැපයුම් සහ ආරක්ෂක නිලධාරීන් මෙම කණ්ඩායමට ඇතුළත් විය.එම කණ්ඩායම ආරක්ෂක හේතුන් මත පැයක කාලයක් පමණක් අල්-ශිෆා රෝහලේ රැඳී සිට ඇති අතර එම කාලයේදී එම රෝහලට එල්ල වූ වෙඩි සහ ෂෙල් වෙඩි ප්‍රහාර පිළිබඳව සාක්ෂි දැක ගැනීමට හැකියාව ලැබුණු බවද එම නිවේදනයේ දැක්වේ.අල්-ශිෆා රෝහලට පිරිසිඳු ජලය, ඖෂධ, ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ වීම හේතුවෙන් වෛද්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම නතර වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ආරක්ෂක හේතුන් මත අල්-ශිෆා රෝහලට අපද්‍රව්‍ය කළමනාකරණය කර ගැනීමට පවා නොහැකි වී ඇති බවත් රෝහල තුළ වෛද්‍ය අපද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය පිරී තිබූ බවත් එය අසාදන පැතිරීමේ අවදානම වැඩි කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අද (19) වන විට අල්-ශිෆා රෝහලේ සෞඛ්‍ය සේවකයන් 25 දෙනකු සහ රෝගීන් 291 දෙනකු රැඳී සිටි බවත් ඉන් 32 දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන ළදරුවන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

 

 



අදහස් (1)

අල් ශිෆා රෝහල මරණය වැළදගන්නා කළාපයක්

Mahasen Sunday, 19 November 2023 02:15 PM

මානව හිමිකම් කොමිසමේ අය කොහේ ගිහිල්ලද?

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 65 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 53 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 128 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
2025 මැයි මස 11 91 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව


සූර් වී බසය පැදවූ රියදුරා අත්අඩංගුවට
2025 මැයි මස 11 272 0

මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශ


ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට
2025 මැයි මස 11 555 0

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 968 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1427 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site