IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අල්ලස් චෝදනාවෙන් සුරාබදු නියමකවරුන් දෙදෙනා නිදොස් කොට නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

නීතී විරෝධී සිගරට් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 40.000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි සුරාබදු නියාමතවරුන් දෙදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නියම කළේය.

මීට වසර 15කට පෙර කළ බවට විත්තිකාර සුරාබදු නියාමතවරුන් දෙදෙනාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා මතු කළ සැකයක් පිළිගනිමින් සියලු චෝදනාවලින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

මෙලෙස සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ අනුරාධපුර සුරාබදු කාර්යාලයට අනුයුක්තව රාජකාරී කළ සුරාබදු නියාමතවරුන් වන සුසන්ත කුමාර සහ තුසිත කුමාර සේමසිංහ බණ්ඩාර නමැත්තන්ය.

2010 ජුලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර සුරාබදු කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී නීතී විරෝධී සිගරට් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 50.000/-ක අල්ලසක් ඉල්ලා රුපියල් 40.000/-ක් ලබාගත් බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 08ක් යටතේ අල්ලස් කොමිසම නඩු පවරා තිබිණී.

 



අදහස් (1)

අල්ලස් චෝදනාවෙන් සුරාබදු නියමකවරුන් දෙදෙනා නිදොස් කොට නිදහස්

prasanna Saturday, 05 July 2025 11:58 AM

එළකිරි, වැඩේ ගොඩ දාගෙන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 192 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site