(නිමන්ති රණසිංහ)
යකඩ බඩු එකරැස් කරන ස්ථානයක නීතිවිරෝධී සොරබඩු සන්තකයේ තබාගෙන සිටින බවට සඳහන් කරමින් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් කොමිසම විසින් ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පෑලියගොඩ ප්‍රදේශයේ යකඩ බඩු එක කරන ව්‍යාපාරයක හිමිකරුවකු විසිනි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මින් ඉහත දී ද වෙනත් පොලිසියක රාජකාරි සිදු කරන අවස්ථාවේ දී අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු නිදොස් කොට නිදහස් වී ඇතැයිද වාර්තා වේ.
සැකකරු අද 22 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද අල්ලස් කොමිසම පවසයි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී