IMG-LOGO

අරලියගහ මන්දිරයේ ජනාධිපති ප්‍රධාන විශේෂ රැස්වීමක්

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මේ වන විට පැවත්වේ.

මිරිහානේදී ඊයේ ඇතිවූ සිද්ධිය හා ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම  හමුව  කැඳවා ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද  එම හමුවට සහභාගී වී ඇත .



අදහස් (11)

අරලියගහ මන්දිරයේ ජනාධිපති ප්‍රධාන විශේෂ රැස්වීමක්

sachith Friday, 01 April 2022 06:40 PM

වැඩේ දෙල් වෙන්න කළින් තවත් කන්න ඉතුරු වෙලා තියෙන්නේ මොනවද බලන්නද රැස්වෙලා කතා කරන්නේ?

:       0       10

Sunil Friday, 01 April 2022 06:42 PM

හිටියා ඇති... කළ විනාශයත් ඇති... ගෙදරම පලයල්ලා...!

:       25       87

අසංග Friday, 01 April 2022 06:48 PM

දැන් සිංහාසනය රත්වෙලා ඇති...!

:       24       82

Ruwan Friday, 01 April 2022 06:52 PM

ලෝකේ තිබුණු භයානකම ත්‍රස්ත කණ්ඩායම මෙල්ල කරපු කට්ටියට අද ගෙයි ළඟට ඇවිත් මිනිස්සු හූ කියන තැනට වැඩ සිද්ද කරගෙන තියෙනවා. තවත් අහිංසක මිනිස්සුන්ට පොලිසිය, හමුදාව යොදාගෙන පහර දුන්නොත් ඉතිරි කලේ ජීවත් වෙන්න වෙන්නේ බංකරේක තමයි..!

:       40       106

gamunu Friday, 01 April 2022 06:56 PM

ප්‍රධාන විපක්ෂයට සහ රජයෙන් වෙන්වූ අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් සඳහාද අවස්ථාවක් ලබාදී ඔවුන්ගේ දේශපාලන හැකියාවන් ජනතාවට අත්විඳින්නට සහ අවබෝධවන්නට ලබාදී ඔවුන්ගේද අවස්ථාවාදී දේශපාලනය අවසන් කිරීමට ඔබතුමාට හැකියාවක් තිබේ. මුදල් වැයකර මැතිවරණයකට නොගොස් ප්‍රධාන විපක්ෂයට සහ රජයෙන් වෙන්වූ කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නද ඔවුන්ට කළ හැකි යමක් නැත. ජනාධිපතිට එසේ කළහැකිනම් රටට වෙනසක් උදෙසා ඔබත් බලාපොරොත්තු වූ නමුත් වර්තමාන අති බහුතරයක් දේශපාලකයන් සමග කළ නොහැකි වූ වෙනස ලබාදීමට පසුබිම සැකසෙනු ඇත...

:       91       58

de silva Friday, 01 April 2022 07:03 PM

අරලිය ගහ මන්දිරේ හෝ ජනාධිපති මන්දිරේ හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. අර අක්කා කියපුවා අහලා මිරිහානේ හිටිය නිසා අමාරුවේ වැටුණා...

:       26       72

Ranjit Friday, 01 April 2022 08:18 PM

හෙට උදේ සිට සවස දක්වා රට පුරාම ඇඳිරි නීතිය පනවයිද? පීඩනය ඉවසන්න බැරි මිනිස්සු දොරකඩටම ඇවිත් "දැන් ඇති" කියනකල් ඒ වගක් වගකිව යුත්තන් කවුරුවත් දන්නේ නැතිකොට වෙන මොනවා කරන්නද?

:       10       175

Kumara Friday, 01 April 2022 08:44 PM

යුද්ධය කරලා තියෙන්නෙත් මෙහෙමද? හොඳ වෙලාවට සරත් ෆොන්සේකා මහත්තයා හිටියේ...

:       40       108

Siri Friday, 01 April 2022 08:56 PM

හමුදා වාහන වලට ගිනිතිබ්බයි කියන ආමිකාරයින්ව වහාම අත්අඩංගුවට ගන්න උපදෙස් දෙන්න..

:       146       90

මෝ Saturday, 02 April 2022 05:01 AM

පීඩිත ජනතාව ඇඳිරිනීතිය දමා තවත් පීඩාවට පත්කර ඔබලාගේ ගැලවීම බලාපොරොත්තු වෙන්න එපා. ජාතිවාදය අවුස්සා මිනීමරා ජනතාව වෙන්කර හොරා කෑමේ පාපයට සියල්ලන්ම දිට්ඨඨම්මවේදනීය පාපකර්මය පඩිසං දෙන හැටි තමයි මේ. නන්දසේන අස්වෙලා යන්න. එකඑක අක්කලා පස්සේ ගියා මිස ජනතාවගේ ශක්තිය ගැන විශ්වාස කලේ නැත...

:       0       1

Saman Saturday, 02 April 2022 11:09 AM

උද්ඝෝෂණය කිරීමෙන් වන්නේ රට කබලෙන් ලිපට වැටීම පමණයි. සංචාරකයින් රටට නාවොත් දැනට ලැබෙන ඩොලර් ටිකත් ලැබෙන්නේ නැත. තව මාස කිහිපයක් රටක් ලෙස මේ ප්‍රශ්නයට මුහුණ දෙමු. අපට ගොඩ ආ හැකි බව මට විශ්වාසයි.

:       11       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 378 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 225 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site