IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අර්බුදය හමුවේ පිරිසක් ඉන්දියාවට පැනලා

(විමුක්ති  එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිගය හේතුවෙන් පළමු ශ්‍රී ලංකා සරණාගත කණ්ඩායම තමිල්නාඩු වෙරළ තිරයට පැමිණ ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලාංකිකයන් 16 දෙනකු ඊයේ කණ්ඩායම් දෙකකින් තමිල්නාඩුවට පැමිණි බවත් ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවේ යාපනය සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පළමු කණ්ඩායම ලෙස ළදරුවන් සහ ළමුන් තුන්දෙනකු ද ඇතුළත්ව සරණාගතයන් 6 දෙනකු රාමේශ්වරම් වෙරළේ දූපතක් අසල අතරමං වී සිටියදී ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම පළමු කණ්ඩායමේ සරණාගතයින් පොලිසියට පවසා ඇත්තේ සති ගණනක් ආහාර සෙවීමට දුක් විඳීම හේතුවෙන් ඉන්දියානු මුහුදු සීමාවේ අරිචල් මුනායි හි හතරවෙනි දූපතට තමන් ගෙනත් දැමීම සඳහා ධීවර බෝට්ටුවකට රුපියල් 50000 ක මුදලක් ගෙවූ බවයි 

දෙවැනි කණඩායම ලෙස තමිල්නාඩු වෙරළ තීරයට සරණාගතයින් 10 දෙනකු පැමිණ ඇති අතර ඉන් 8 දෙනකු ගේ අනන්‍යතාවය තහවුරු කර ඇති අතර එම සරණාගතයින් අතර කාන්තාවන් 3 දෙනකු සහ ළමුන් පස් දෙනකු සිටින බවට ඉන්දීය බලධාරීන් තහවුරු කර ඇතැයි බව ඉන්දීය මාධ්‍ය පැවසීය.

ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවත් සේවයක් වූ ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් තමිල්නාඩු පොලිසිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ විරැකියාව සහ ආහාර හිගය හේතුවෙන් සරණාගතයින් මෙසේ ඉන්දියාවට පැමිණෙන බවයි. තමිල්නාඩුවේ බුද්ධි නිලධාරීන් අනාවරණය කරගත් තොරතුරු අනූව ඉදිරි සතිවලදී තවත් ශ්‍රී ලාංකික සරණාගතයන් 2000 ක් පමණ ඉන්දියාවට පැමිණීමට ඉඩ ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය පවසයි.

වෙරළාරක්ෂකයින් විසින්  අත්අඩංගුවට ගෙන ඇති මෙම සරණාගතයන්  ඉන්දියාවේ 1967 විදේශ ගමන් බලපත්‍ර පනත යටතේ කටයුතු කිරීමට නියමිත බව පැවසේ.

විමුක්ති එස් රුද්‍රිගු

 



අදහස් (5)

අර්බුදය හමුවේ පිරිසක් ඉන්දියාවට පැනලා

siri Wednesday, 23 March 2022 03:07 PM

ඉන්දියාවේ අය දැන් කියයි "මෙන්න මෙන්න ලංකාවෙන් කල්ලතෝනි එනවෝ " කියලා... මාර වැඩක් ලංකාවට වුනේ.

:       5       38

Rakitha Wednesday, 23 March 2022 03:18 PM

මේක බොරුවක්. රුපියල් 50000ක් තියෙනවා නම් මෙයාලට කොහේහරි ගිහිල්ලා හරි කෑම හොයාගන්න පුළුවන්. මේක ගැන රජය හොයන එක හොඳයි.... කවුරු විසින් කරපු දෙයක්ද කියලා...?

:       34       18

sena Wednesday, 23 March 2022 03:18 PM

මොන තරම් විලි ලැජ්ජාවක්ද? අපේ පෙරදිග ධාන්‍යාගාරය මෙතැනට දාපු මිනිස්සු ජල ක්‍රීඩා කරනවා.

:       3       43

කිරි පුතා Wednesday, 23 March 2022 04:13 PM

මේක තනිකරම බොරු රඟපෑමක්. රටේ ප්‍රශ්න නැතිව නෙවෙයි. නමුත් සාමාන්‍ය ගොවිතැනක් කරගෙන කන මිනිසුන්ට ඒ හැටි ඒක බලපාන්නේ නෑ. කන්න නැතිව රුපියල් පනස් දහසක් දීලා ආවේ...! මොවුන් ගැන රජය හොඳින් සොයා බලාවි යැයි විශ්වාස කරමු...!

:       22       13

fairoos Wednesday, 23 March 2022 06:33 PM

තනි බෞද්ධ රජයක් වෙනවා ලංකාව... බයියන්ට දැන්නම් සැප....

:       7       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site