IMG-LOGO

’’අරගල භූමියේ අනවසර ඉදිකිරීම් 10 තෙක් ඉවත් කරන්නෑ’’

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

 ’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයාට ලබා දෙන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ස්වෙච්ඡාවෙන් එම අරගල භූමියෙන් ඉවත් වන අරගල කරුවන්ට කිසිදු අවහිරයක් නොමැති බවද නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසිනි .

නීතිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී ය .

අසංක අබේරත්න, ඉරෝශ් අපෝන්සු, වීරගහවත්තේ කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිව්දෙනා මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත .

මෙම පෙත්සම්, සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.



අදහස් (2)

’’අරගල භූමියේ අනවසර ඉදිකිරීම් 10 තෙක් ඉවත් කරන්නෑ’’

NGO Friday, 05 August 2022 05:06 PM

අපොයි එතකං අපිට බුරියානි දෙන්න එහෙම බෑ...!

:       13       18

Lelwala Saturday, 06 August 2022 07:24 AM

බෝඩිමක් සොයා ගන්න වෙනව . කැම බිම නිකන් කාල කොළඹ යන්තම් රැකියාවට කරගෙන හිටිය අරගලය මුවාවෙන්. තමන්ට අවස්‍ය විදියට පොලිසියට අසුනොවි තමන්ගේ බිස්නස් කරගත්ත. ඒකටත් පොල්ලක් වැටුන. දැනු ඉතින් හිගාකන්න වෙනව.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 452 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site