(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හම්බන්තොට බැල්ලගස්වැව ප්‍රදේශයේ පුද්ගලයකු බාල වයස්කාර සහෝදරයන් තිදෙනකුට කසිප්පු පොවා ඇතැයි හම්බන්තොට වරාය පොලීසිය කියයි.
සැකකරුගේ නිවෙස ආසන්නයේ දරු තිදෙනකුට සැකකරු මෙසේ කසිප්පු පොවා ඇත.
දරු තිදෙනා සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ මෙවැන්නක් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මොහු මේ වන විට ප්‍රදේශය අතහැර පලා පලා ගොස් සැඟව සිටින බව පොලීසිය සඳහන් කරයි. මොවුන් වයස අවුරුදු 15 - 13 සහ 11 යන වයසේ පසුවන සහෝදරයන් තිදෙනෙකි. මොවුන් තිදෙනා පාසල් සිසුන් යයි පොලීසිය කියයි.
දරුවන් තිදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා පියා දරුවන් ගැන විපරම් කර බලා අවස්ථාවේ ඔවුන් නිවස ආසන්නයේ වෙරි මරගාතේ වැටී සිටියදී සොයාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
වැඩිමල් දරුවාගෙන් පියා මේ ගැන කරුණු විමසීමේදී රනා වීදුරු තුනකට දමාබීමට දුන් බව පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි දරුවන් තිදෙනා කැටිව මව පොලිසියට පැමිණ මේ ගැන පැමිණිල්ලක් කරනු ලැබුවාය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අයියා මලෝ තිදෙනාට කසිප්පු පොවලා