(ඩී.ජී.සුගතපාල)
අයිස් මිල අඩු කරන ලෙසත්, ගැස් හා ඉන්ධන ලබාදෙන ලෙසත් ඉල්ලා ගාල්ලේ ධිවරයින් විශාල පිරිසක් ගාල්ල නගරයේ අද (01) දහවල් උද්ඝෝෂණයක් පවත්වන ලදි.
මාගාල්ල ධිවර වරාය අසල සිට පා ගමනින් ගාල්ල නගරය වෙත පැමිණි ධිවරයින් දහසකට ආසන්න පිරිසක් බස් නැවතුම් පොල ඉදිරිපටදි සහ පොලිසියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදි අවස්ථා දෙකකදි මාතර කොළඹ ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණය කිරිම නිසා දැඩි වාහන තදබදයක් ඇතිවු අතර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධානවය කරවිමට පොලිසිය පියවර ගත්තේය.
සටන් පාඨ කියමින් පැය කිහිපයක්ම ධිවරයින් උද්ඝෝෂණයේ යෙදි සිටි අතර පසුව එම ස්ථානයට පැමිණි ගාල්ල පොලිස් අධිකාරි උපුල සෙනවිරත්න මහතා ධිවර සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කරන ලදි.
පොලිස් අධිකාරිවරයා කියා සිටියේ බලධාරින් සමග සාකච්ඡාකර විසඳුමක් ලබා දිමට පියවර ගන්නා බවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයිස් මිල වැඩියි: ධීවරයොත් පාරට