(එස්. ඩී. කොඩිකාර)
තම වැඩිමහල් සොයුරා වෙනුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සහෝදරයකු අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලිසිය කියයි.
දෙණියාය පල්ලෙගම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී අදාළ සිසුවා වෙනුවට ඔහුගේ බාල සොහොයුරා වෙනුවට සැකකරු විභාගයට පෙනී සිට ඇතැයි පැවැසේ.
සිංහල ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සූදානම්ව සිටියදී ශාලාධිපතිවරයා සිදු කළ දැනුම් දීමකින් පසු ඔහු අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පී.ටී.කොටස, එන්සල් වත්ත, දෙණියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක සේවය කරන අයකු බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
සිය වැඩිමහල් සොයුරා දමිළ මාධ්‍යයෙන් මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට දෙවන වරට මුහුණ දී ඇති අතර ඔහුට පිළිතුරු ලිවීමට සිදුවී තිබුණේ ඔහුගේ දෙවන බස වන සිංහල විෂය බව පොලීසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයියා වෙනුවට මල්ලී විභාගයට පෙනී සිටලා
prasanna Friday, 09 June 2023 08:03 PM
සහෝදර කැක්කුමේ තරම දැක්කද?
ගමේ එකාලා Saturday, 10 June 2023 02:27 PM
ඔයිට වඩා හොරට ලියලා විභාග පාස්වෙච්චි දූෂිත දේශපාලුවොත් ඉන්නේ? පෙරකදෝරුවෝත් ඉන්නවාලු?