IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අම්මා සමග ඉන්න බැ - දියණිය නීතියේ පිහිට පතයි

(උපාලි ආනන්ද)

මව මත්පැන් විකුණන නිසාත් මවගේ දෙවන සැමියා නිවසේ නොමැති අවස්ථාවල විවිධ පුද්ගලයන් මව හමුවීමට පැමිණෙන නිසාත් තවදුරටත් මව සමඟ ජීවත් විය නොහැකි බව වයස අවුරුදු 14 ක  පාසල් දැරියක කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීන් හමුවී ප‍්‍රකාශයක් කර ඇත.

මව සහ පියාද වෙනත් විවාහයන් සිදු කර ගෙන ජීවත් වන බවත් තමා මව සමඟ ජීවත් වූ බවද සඳහන් කර ඇත.

දැරිය මව මත් පැන් විකුණන බවත් මවගෙන් මත්පැන් මිලදී ගැනීමට පිටස්තර විවිධ පුද්ගලයන් නිවසට පැමිණෙන බවද කියා තිබේ.

එම තත්වය මත මව සමඟ ජීවත් විය නොහැකි බවද ඇය ප්‍රකාශ කර ඇත.

මවගේ දෙවන සැමියා නිවසේ නැති අවස්ථාවලද විවිධ පුද්ගලයන් රාත‍්‍රි කාලයේ සහ දිවා කාලයේ මව හමුවීමට නිවසට පැමිණෙන බවද පවසා ඇති දැරිය මවගේ දෙවන සැමියාද තමාගේ ශරීරය අතපත ගාමින් විවිධ බලපෑම් සිදු කරන බවද තවදුටරත් ප‍්‍රකාශ කොට තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස් සුරීතා පෙරේරා මහත්මියගේ උපදෙස් මත කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 



අදහස් (1)

අම්මා සමග ඉන්න බැ - දියණිය නීතියේ පිහිට පතයි

Bunny Preena Friday, 01 April 2022 10:07 AM

කරලියට නොපෙනී මෙවැනි ශෝචනීය කතා බොහොමයක් අද සමාජයේ තියෙනවා. නමුත් මේ දැරිවිය කාව විනාශ කරලා කා ළඟට යන්නද... හොඳම චරිත කියන අම්මත්, තාත්තත් නරක චරිත නම්...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site