IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


‘අපි ගැන අවතක්සේරුවට හිතන්න එපා‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජාතික ජන බලවේග රජයේ සාමූහික ශක්තිය අවතක්සේරුවෙන් හිතන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී  අද (17) පැවසුවාය.

 පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ඇරඹමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

"දරුවන් පාසල තුළ රඳවා ගැනීම සඳහා සියලු ක්‍රියා මාර්ග ගනිමින් සිටිනවා.දිවා ආහාර වේල තවත් ශක්තිමත් කරන්නට හිතාගෙන ඉන්නවා.පසුගිය කාලයේ දිවා ආහාර දීමේදී පැන නැගුණු ප්‍රශ්න තිබෙනවා. මුදල් වෙන් කළාට පෝෂණ ආහාර වේල සැමට ලැබුනාද යන්න ප්‍රශ්න මතුවී තිබෙනවා. 

2025 වසරටත් සියලු දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබා දෙනවා. ඒ සඳහා චීන රජයෙන් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රමාණය ලබාදී තිබෙනවා. අප මේ කරන්නට හදන ක්‍රියාවලිය හරහා රට මුහුණ දී සිටින ප්‍රශ්න වලට විසදුම් දෙන විට විපක්ෂයේ යම් යම් කණ්ඩායම් සහ ඔවුන්ට සම්බන්ධ මාධ්‍ය ඒවා කඩාකපල් කරන්නට උත්සාහ කරනවා.

විපක්ෂය සහ එහි මාධ්‍ය උත්සාහ කරන්නේ අපේ ආණ්ඩුවේ ජාත්‍යන්තර සබඳතා දුර්වල බවට මතය සමාජගත කිරීමයි.හොඳ වෙලාවට ඒ උත්සාහයන් සියලු දේ පරාජය වී තිබෙනවා.ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන සමීපව නිරීක්ෂණ කළහොත් අපේ ජාත්‍යන්තර සබඳතා කොතරම් හොඳින් ක්‍රියාත්මක කරනවා දැයි අවබෝධ කරගන්න පුළුවන්.

අපේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ගැන පුදුම උනන්දුවක් සිදුවී තිබෙනවා.සහතික පත් ඉල්ලනවා. ඉස්සර ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් නොව හොරකම් ගැන හොයන්නට සිදුවුනා

.අපේ හොරකම් නැති නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන උනන්දුවක් දැක්වීම ගැන එක අතකට සතුටු වෙනවා.දේශපාලකයන් ජනතාවට බොරුවක් කරනවා නම් ඒ බොරුව එළිකිරීමේ අරමුණින් මේ පරීක්ෂණ කරනවා නම් ඒ ගැන සතුටට පත්වෙනවා.ජනතාවට ඒ ගැන පරීක්ෂා කරන්න සම්පූර්ණ අයිතියක් තිබෙනවා.

අප ඒ ආදර්ශය සමග වැඩ කරනවා.නමුත් මේ සංවාදය ඇතිවී තිබෙන්නේ ඒ අවංක කමින් නොවේ.මෙතන තිබෙන්නේ ඉතා පටු මෙන්ම කැත දේශපාලන අරමුණක් යනුවෙන්ද අගමැතිවරිය පැවසුවාය.



අදහස් (6)

‘අපි ගැන අවතක්සේරුවට හිතන්න එපා‘

prasanna Tuesday, 17 December 2024 08:03 PM

පච මැෂින් එක.

:       0       4

Perera Wednesday, 18 December 2024 03:21 AM

උත්සව වලට පැය 1 1/2ක් ප්‍රමාද වී පැමිණීමත් එක්තරා ඇමැතිවරයෙක් නොපැමිණීමත් ආදර්ශමත් නොවේ. ඒවා ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව අපකීර්තියට පත්වන ක්‍රියා...!

:       0       4

Edirisingha Wednesday, 18 December 2024 05:38 AM

විපක්ෂයේ අය ආණ්ඩු පක්ෂයේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලනවා කියන්නෙ ඊළග මැතිවරණයේදී දැනට විපක්ෂයේ සිටින අයටත් උගතුන්ම ඉදිරිපත් කිරීමට හේතුවක් වෙනවා. ඒක හරියට බුලත්විට කාලා උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වැඩක් තමයි .කොහොම වුණත් වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව,පළාත් සභාවෙ හා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්වීමට අධ්‍යාපන සුදුසුකම් අදාළ මැතිවරණ පනත්වලට ඇතුලත් කරනවා නම් ඉතාමත් හොදයි.

:       0       4

විදුර Wednesday, 18 December 2024 07:26 AM

ප්‍රවාහන පද්ධතිය හදලා දෙන්න, මම ආසයි ලංගමේ වැඩට යන්න, ඉදගෙන කූල් එකේ, මට කවදාවත් ඉඳගෙන කූල් එකේ යන්න ලැබිලා නෑ.

:       0       2

සමන් විමල් Wednesday, 18 December 2024 12:41 PM

අනේ අපි නිසියාකාරව තක්සේරුවකින් ඉන්නේ, වැඩ බැරි ටාසන්ලා ගැන.

:       4       3

ගුණරත්න Wednesday, 18 December 2024 01:18 PM

මට දැන් නම් හිතෙන්නේ අපි අධිතක්සේරුවකින් හිටියා කියලයි.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 371 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 99 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 60 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 406 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 437 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 155 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site