IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපේ අය තව 61ක් ඊශ්‍රායලයට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 2447ක් ඊශ්‍රායල් බලා පිටත්ව ගොස් තිබේ.

මේ අතර, කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබු තවත් ශ්‍රී ලාංකිකයන් 61 ක් දෙනකු වෙත ගුවන් ටිකට්පත් ලබා දීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වුණු බව කාර්යංශය පවසයි.

මෙම පිරිස ඊශ්‍රායෙල් කෘෂි කාර්මික රැකියා හිමි වූ 53 හා 54 වන කණ්ඩායම වන අතර, ඔවුන්ගෙන් 13 දෙනෙක් මේ මස 30 දිනත් සෙසු පිරිස නොවැම්බර් මස 6 සහ 16 දිනයන් හිදිත් ඊශ්‍රායල් බලා පිටත්ව යාමට නියමිතයි.

මේ දිනවල ඊශ්‍රායල්යේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට රැකියාවල නිරතව  සිටින ශ්‍රී ලංකිකයින්ට කිසිදු කරදරයක් සිදු වී නොමැති බව එරට ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය  මගින් තහවුරු කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.



අදහස් (6)

අපේ අය තව 61ක් ඊශ්‍රායලයට

nimal Saturday, 26 October 2024 01:34 PM

ඊශ්‍රායලයට යාමට බිය නොවන්න, එය හොඳ රටක් සහ හොඳ මිනිසුන්..!

:       8       22

Dharmatileke Saturday, 26 October 2024 02:14 PM

ලාංකිකයෝ හිතන්නේ රුපියල් සත ගානේ විතරයි. යුක්තිය අසාධාරණය ගානේ කිසිම තැකීමක් නෑ. ඊශ්‍රායල් ජාතිකයෝ මිනිස් ජීවිත බිලිගන්නේ ලාංකිකයෝ වගේ බොහෝ දෙනෙක් හිතන නිසා... යුදෙව්වන් මිහිපිට නොසිටිය ජාතියක්, දෙවැනි ලෝකයේ යුද්ධයට මුල යුදෙව්වන්...

:       32       14

sakSaturday, 26 October 2024 02:57 PM

කොහොමද බන් අපි ඔතැනදී පැත්තක් ගන්නේ... යුදෙව්වොයි, අරාබිකාරයෝයි ඔක්කොම එකයිනේ. දෙගොල්ලන්ගේම එලියට පේන්නේ රඟපෑම විතරයි කරන්නේ. යුදෙව්වෝ අඩුම තරමේ තමන්ගාව වැඩට එන කෙනාට සලකන්න හරි දන්නවා. හැබැයි එයාලාත් දැන් නපුරු වෙලා වැඩියි..

:       2       18

Aruna shanthaSaturday, 26 October 2024 05:18 PM

ඔහොම රටක් 1946 ට කලින් තිබුනේ නැහැ. ලෝකේ වටේම රටවල ගිනි අවුලවමින් හිටපු අහිකුන්ඨකයින් රැලකට එංගලන්තයෙන් දුන්නා නීති විරෝධී ලෙස පලස්තීනයෙන් කෑල්ලක්, එකට ඔවුන් නමතියා ගත්තා ඊශ්‍රායල් කියලා. එදා ඉඳලම ඒ අහිකුන්ඨකයින් පලස්තීන මිනිසුන්ව මරන්න පටන් ගත්තා. ලෝකයේ ඉන්න ජරාම ජාතිය ඉන්නේ එහේ. හැබැයි අපේ රටෙන් යන අයගේ මොල ශෝධනයට ලක්කරලා, මෙහෙට ආපුවාම ඔවුන්ගේ හොඳ ගැනමයි කතාව. ප්‍රවේශමෙන්...

:       11       8

sena Saturday, 26 October 2024 04:30 PM

කතාව ඇත්ත අපිට සලකන කවුරුවත් නැහැ. ඒක දන්නේ ගියපු අය විතරයි. කාගෙන්වත් කිසිවක් බලාපොරොත්තු නොවී අපි අපේ රට ගොඩ දාගමු.

:       0       8

de silva Monday, 28 October 2024 12:15 AM

ඊශ්‍රායල යේ පාලකයෝ සාමකාමී වාතාවරණයක් තිබෙන අපේ රටේ සංචාරය කරන්න එන ඔවුන්ගේ පුරවැසියන්ට අනාගතේ වියහැකි සුළු හෝ විපතක් පිළිබඳව කලින් දැනුවත් කරනවා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න , නමුත් අපේ පාලකයෝ දැනටමත් මිසෛල වැටෙන , ඉදිරි මාස කිපෙදී විශාල යුධයක් ඇතිවියහැකි බවට 70% පමණ සම්භාව්‍යතාවයක් තිබෙන ඊශ්‍රායලලයට බුරුතු පිටින් ශ්‍රමිකයෝ යවන්න කටයුතු කරනවා , අපේ රටේ ඉන්න මෝඩ යක්කු වැඩිපුර සල්ලි ලැබෙනවා නම් අපායට වුනත් යන්න සුදානම් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site