( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී වෑන් රථයක ගැටි අනතුරට ලක්වු පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් කැලයක දමා ගොස් තිබියදි පැය හයකට පසු සොයාගත් බව ආණමඩුව පොලිසිය කියයි.
ඒ වන විට තුවාලකරු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බවත් පුත්තල රෝහලට ඇතුළත් කළ තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
අනතුර සිදු කළ බව කියන වෑන් රථයේ හිමිකරු සමග තවත් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය වාරිමාර්ග හංදිය ආසන්නයේ පදිංචි 53 හැවිරිදි තුන් දරු පියකු වු සරත් බණ්ඩාර අතපත්තු නැමති යුද හමුදා විශ්‍රාමිකයකු බව පොලිසිය කියයි.
කුඹුරට ගොස් ආපසු නිවෙස බලා ගමන් කරමින් සිටියදී ආණමඩුව සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටි ඇති බව කියයි.
අනතුරත් සමග ප්‍රදේශවාසින් එම ස්ථානයට එක්විමේන් පසු කලබලයට පත්වු වෑන් රථයේ පිරීස තුවාල කරු පුත්තලම මූලික රෝහලට කඩිනමින් භාර දෙන බව පවසා වෑන් රථයෙ දමා පැමින ඇති බව කියයි.
පවුලේ ඥාතින් පුත්තලම රෝහලට පැමිණ තම ඥාතියා පිළිබඳ සොයා බලන විට තුවාල කරු රෝහලට භාර නොදිම හේතුවෙන් පුත්තලම හා ආණමඩුව රෝහල් දැනුවත් කිරීමට කටයුතු කර තිබුනී.
පසුව අනතුර සිදුවු ස්ථානයේ සිටි කාන්තාවක් මෙම වෑන් රථයේ ඡායාරූපයක් තම ජංගම දුරකථනයට ලබා ගෙන තිබි ඇති අතර එය පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලබා දීමෙන් පසු ක්‍රීයාත්මක වු ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන දෙක අදාල අනතුරට සම්බන්ධ වාහන පිළිබදව තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසා අදලා වාහන හිමිකරු පවසා ඇත්තේ තමන් මෙම වාහනය කුලි පදනමට පුත්තලමේ අයකුට ලබා දුන් බවත් එම පුද්ගලයා අනතුරක් සිදුවු බවට දන්වා වාහනය පසු දින අලුත් වැඩියා කර දිමේ පොරෝන්දු මත පිටව ගිය බවයි.
කෙසේ නමුත් පොලිස් කණ්ඩායම් කඩිනමින් අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන තුවාලකරු දමා ගිය ස්ථාන සොයා ගොස් තිබේ .
පොලිස් නිළධාරින් අදාල ස්ථානයට යන විටත් තුවාල කරු දැඩි ලෙස අසාධ්‍යව මෙම සැකකරුවන් දමා ගිය ස්ථානයෙම අසරණව පැය හයකට ආසන්න කාලයක් සිටි බව පොලිස් නිළධාරින් පවසයි.
අනතුර සම්බන්ධව පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී .කුමාරදාස හා ආණමඩුව පොලිස්ථානයේ ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවිමේන් ආණමඩුව පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් කුමාර රථවාහ අංශ ස්ථානාධිපති සමන් කුමාර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අනතුරින් පසු තුවාලකරු කැලේ දමා යයි
de silva Monday, 20 September 2021 06:17 PM
මේ තිරිසන් මිනිස්සුන්ට ඇප දෙන්න හොඳ නැහැ. මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාව මොවුන්ට එල්ල කරන්න ඕනේ. මොවුන් බලාපොරොත්තු වූයේ මේ අසරණ මනුස්සයා ප්‍රතිකාර නොමැතිව කැලේ මැරිලා මළකුණ සත්තු කාවි කියලා...
Raveendra Monday, 20 September 2021 07:20 PM
මේ තිරිසනුන්ට කැළෑ නීතියෙන්ම දඩුවම් දිය යුතුය...
සෙනෙවිරත්න Monday, 20 September 2021 08:32 PM
බුදුන් තුන්වරක් වැඩිය රට, ඔන්න අපේ මිනිස්සු....
Mr Don Monday, 20 September 2021 08:41 PM
මිනිසාගේ මනුස්ස ගති පිරිහෙමින් පවතී.
Sk Monday, 20 September 2021 09:12 PM
මෙවැනි මිනිස්සුන්ට කියන්න වචන නැහැ. පුදුම ලෝකයක් දැන්.