IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අනතුරින් පසු බණ්ඩාරගම උණුසුම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව යතුරු පැදිකරු මෝටර් රථ රියදුරුට අමානුෂික ලෙස පහර දීම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.

පහර දීමෙන් මෝටර් රථ රියැදුරා මාර්ගයේ ඇද වැටී ඇත.

එතනින් නොනැවතුණු යතුරුපැදිකරු මෝටර් රථයට බරපතල අලාභ සිදු කර ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් යතුරුපැදිකරු සමග උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදු ව ඇතැයි පොලිසිය පවසියි.

යතුරුපැදිකරු ඔහුගේ ගැබිනි බිරිඳ සමග යතුරු පැදියෙන් බණ්ඩාරගම දෙස සිට හොරණ දෙසට යමින් සිටියදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට යොමු කරන ලද මෝටර් රථයේ ගැටී පෙරළීමෙන් අනතුරුව යතුරු පැදිකරු උරණ වි මෙලෙස පහර දී ඇති බව ප්‍රදේශවාසීහු පවසයි.



අදහස් (7)

අනතුරින් පසු බණ්ඩාරගම උණුසුම්

uk ran Saturday, 10 June 2023 10:00 PM

ශුවර් එකටම පිස්සෙක් වෙන්න ඇති...

:       1       7

මහසෙන් Sunday, 11 June 2023 12:15 AM

නාස් ලණුව බුරුල් වෙලා. දන්නෙ උම්බෑ භාෂාව... ගාල ලිහලා දාපු අය දැන් හරියට පාරේ...

:       0       11

Mahasen Sunday, 11 June 2023 02:06 AM

යතුරුපැදි කාරයින් කියන්නෙම පාරෙ යන ඇණම තමයි... කරන තරමක් කරන්නේ වැරැදිමයි...

:       1       11

rana Sunday, 11 June 2023 02:58 AM

අපේ සමාජය තුළ දැන් මනුස්සකම බල්ලට ගිහින් තියෙන්නේ... කිසිකෙනෙක් අනිත් අයගේ ජිවිත හෝ ආත්ම ගරුත්වය ගැන තැකීමක් නැහැ. පාරේ රිය පදවන අයගෙන් අති බහුතරයක් සත්තු වගේ තමයි පාරේ යන්නේ... හිතන්නේ මම නිවැරැදියි කියලා. රිය පැදවීමේ නිසි පුහුණුවක් නැති ඕනෑම කෙනෙකුට පගාවට රියදුරු බලත්‍රය ලබාගත හැකියි... ඉන් පස්සේ ඔවුන් පාරේ යන්නේ ඔවුව්ට ඉහළින් කවුරුත් නැහැ කියලයි. අපේ සමාජය පත්වී ඇති මේ තිරිසන් තත්වයට වහාම විසඳුම් දුන්නේ නැත්නම් ගල් යුගයේ වගේ හැමදෙනාම නීතිය තම තමන්ගේ අතට ගන්න පටන් ගත්තු වේලාවට පාරේ ගුටි ඇනගන්න හැම දෙනාගෙම ඇස් ඇරේවි... මොකද තමන්ට රිටර්න් එක ඒ ආකාරයෙන්ම ලැබෙන්න පටන් ගන්න නිසා... බලාගෙන ඉමු. සංචාරකයින් වැඩි වැඩියෙන් එනකන්... මොකද ම්ලේච්ඡ සමාජ වලටනේ සංචාරකයෝ එන්න කැමැති...

:       0       9

Bamunuarachchi Sunday, 11 June 2023 06:44 AM

මගේ කිසිම අනුකම්පාවක් යතුරුපැදි කරුවන්ට නැහැ. ඇක්සිඩන්ට් එකකදී මම බලන්නේ යතුරුපැදිකරු මැරිලද කියලා. කාලකන්නි...!

:       8       12

චමින්ද Sunday, 11 June 2023 06:44 PM

ඔබේ පමණක් නොවෙයි, රටේ බොහෝමයක් පිරිස් දරන්නේ ඔය අදහස තමයි. ඔවුන් පාරට ආවොත් හිතන්නේ පාර සම්පූර්ණයෙන්ම අයිතිය තියෙන්නේ ඔවුන්ට විතරයි කියලා තමයි...

:       0       5

Sam Monday, 12 June 2023 02:17 AM

ඔය පැත්ත පට්ට මෝඩයෝ ඉන්න area එකක්. අනතුරක් උනාම උන් එතනම නඩු අහල දඩුවමත් එතනම දෙනවා. ආයිත් කියන්නේ පට්ටම ගොන් ගම් කබරයෝ ඉන්න පළාතක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 545 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site