IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අනතුරක් කර අනියම් බිරිය ඝාතනය කළැයි පුද්ගලයෙක් අත්අඩංගුවට

( බී.ජී.චතුරංග)

සිය අනියම් බිරිදගෙන් ණයට ලබා ගත් රුපියල් හය ලක්ෂ  පනස් දහසක මුදල ආපසු ලබා නොදී, සැලසුම් සහගත ලෙස රිය අනතුරකට ලක්කර ඇය  ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මරදන්කඩවල පොලිසිය පවසයි.

මෙලෙස  ඝාතනයට  ලක්ව  ඇත්තේ, මඩකලපුවේ පදිංචි දෙදරු මවකි.

සැකපිට  අත්අඩංගුවට ගෙන ඇත්තේද මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනියම් සැමියා බව කියන මෙම පුද්ගලයා ඇයගෙන් රුපියල් හය ලක්ෂ  පනස් දහසක මුදලක්, මීට පෙර ණයට ලබා ගෙන එම මුදල ආපසු ලබා නොදී ඇයව මඟ හරිමින් සිට ඇත.

ඇය කිහිප වතාවක් එම මුදල් ඉල්ලූ අවස්ථාවේ සැකකරු සතුව තිබූ ඩොල්පීන් වර්ගයේ වෑන් රථය, මුදල් ලබා ලබා දෙන තෙක් ඇයගේ භාරයේ තබා  ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇතැයි  පොලීසිය කියයි.

පසුගිය දිනෙක  නිවසට පැමිණ වෑන් රථය යාපනය ප්‍රදේශයට විකිණීමට යන බව පවසා, එය විකුණා මුදල් ලබා දීමට හැකි බවත් කියමින්, එම ගමන සඳහා දරු දෙදෙනා  සමඟ සූදානම් වන ලෙස පවසා ඔවුන් මඩකලපුව සිට යාපනය බලා යාමට ගමන් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.

අනතුරුව ගමන යන අතරතුරදී  ගලෙන්බිඳුනුවැව හන්දියට ආසන්නයේ ඇති පාලමේ කොන්ක්‍රීට් කොටසේ මෙම වෑන් රථය ගැටී ඇතැයි  පොලිසිය කියයි .

කාන්තාව බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, මහනුවර මහ රෝහලට  මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් මහනුවර මහ රෝහලේ පැවති නාගරික හදිසි මරණ පරීක්ෂණයේදී  සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී මරණකාරියගේ පුතුන් දෙදෙනා ලබාදී තිබු ප්‍රකාශ වලට අනුව මෙම මරණය සැක සහිත මරණයක් බව, අධිකරණ වෛද්‍ය ආර්.සී ජයසූරිය මහතා විසින් සටහන් කර තිබේ.

 

 



අදහස් (0)

අනතුරක් කර අනියම් බිරිය ඝාතනය කළැයි පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site