(ඩයනා උදයංගනී)
රජයේ රෝහල්වලට අවශ්‍ය අක්ෂිකාච ගෙන්වීම තවත් මාස හයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග කියයි.
ඉදිරිපත්වූ මිල ගණන් යටතේ අක්ෂිකාච ලබා දීමට නොහැකි බව සැපයුම්කරුවන් දැනුම් දීම නිසා මෙම තත්වය මතුව ඇතැයි පැවසේ.
අක්ෂිකාච මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මීට වසරකට පෙර ටෙන්ඩර කැඳවා තිබූ අතර, පසුගිය වසරේ ඉදිරිපත් කළ මිල ගණන්වලට මෙම වසරේ අක්ෂි කාච සැපයිය නොහැකි බැවින් මිල සංශෝධනයක් කරන ලෙස සැපයුම්කරුවන් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
මිල සංශෝධනයක් කරන්නේ නම් නම් ඒ සම්බන්ධව මහභාණ්ඩාගාරය වෙත දැනුම් දීමක් කළ යුතු අතර, එම ක්‍රියාවලියට කාලයක් ගතවන බව වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රකාශකයකු පැවසීය.
කඩිනමින් අක්ෂි කාච ලබාගැනීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අක්ෂිකාචවලත් හිඟයක්
අබිලින් Wednesday, 22 February 2023 12:43 PM
ඔව් ඔව් එහෙම වෙන්න එපායැ මොකද චන්දය අනිවාර්යයෙන් (2024 ) දෙදාස් විසිහතරෙ තියන්නම වෙනවා නොවැ ඉතින් එවිට මිනිසුන්ට පෙනීමක් තිබුනොත් හොද කලපනාවක් ඇතිවෙලා ඡන්ද පත්‍රිකාවේ නියම සුදුස්සා ඉදිරියේ කතිරය ගසාවිනේ එහෙම වුනොත් කියලා බයට කාච ගෙන්වීම පමා කරනවා කියලයි මගේ හිතනම් කියන්නෙ