lankadeepa.lk

සුන්දර නෝර්වේ කඳු අතරින් නෞකා සවාරියක්

2021 අගෝස්තු මස 08 ප.ව. 04:01

0     7335

නැවැත වරක් මනස්කාන්ත දර්ශන, සුන්දර මතකයන් හා විශ්මයන් ගණනාවක් විඳි දිනයක් අවසානයේ අප නැවත පස්වරු හය වනවිට නෞකාවට ගොඩවූයේ අපගේ මීළඟ ගමනාන්තය වන ගෙයිරෙන්ජර් ෆියෝඞ් බලා යාමටය. ගෙයිරේන්ජර් ෆියෝඞ් යනු ස්වකීය අනූපම සුන්දරත්වය නිසා 2005 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් ලද කුඩා ගම්මානයකි.


lankadeepa.lk

දේශපාලනය පරාදයි

2021 අගෝස්තු මස 08 ප.ව. 03:50

0     6104

ලෝකයේ සැම සිදුවීමකටම කුමක් හෝ සහ සම්බන්ධයක් තිබෙන්නේය එයට බුදුරජාණන් වහන්සේ හේතුඵල වාදය යැයි වදාළ සේක. ඇල්බට් අයින්ස්ටයින්ට අනුව එය සාපේක්‍ෂතා වාදය වූයේ ය එමෙන්ම ශ්‍රීක දාර්ශනිකයින් වන සොක‍්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් ද තර්ක ශාස්ත‍්‍රය වැනි මතු සම්බන්ධ කතාවකට දාර්ශනික හැඩතල එකතු කළෝය එය අතීතයත් වර්තමානයත් ගැලපෙන කතාවකි.


lankadeepa.lk

ලොවක් වසග කළ රත්තරං සන්නාමය Eiza GONZÁLEZ

2021 අගෝස්තු මස 08 ප.ව. 03:00

0     2939

එයිසා ගොන්සාලේස් තමන්ගේ වෘත්තිය පටන් ගත්තේ වයස අවුරුදු 17 දි. ඒ ලතින් ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකාවක විකාශය වුණු ටෙලි නොවෙලාවකින්. ටෙලි නොවෙලාවක් කියලා කියන්නේ සෝප් ඔපෙරා වර්ගයෙ දීර්ඝ රූපවාහිනී මාලා නාට්‍ය වර්ගයක්. මෙක්සිකෝවේ උපත ලැබූ ඇය තමන්ගේ සහජ දක්ෂතාවත්, අපූර්ව රුවත් නිසාම දැඩි පේ‍්‍රක්ෂක ආකර්ශණයක් දිනා ගන්නවා.


lankadeepa.lk

ලොක්කා අතට ගියේ 'ලොක්' පිස්තෝලයක්!

2021 අගෝස්තු මස 08 පෙ.ව. 11:50

0     2964

ඔහු මගේ ඇරැයුම පිට වාඩියට ආවා. වෙනද විදිහටම වාඩියේ පිළේ ඈඳී ගත්තා. එතන ඉඳලා වටේට පෙනෙන දර්ශනය දිහා ඔහු එක බැල්මකින් බැලූවා. ඊට පස්සේ මං දිහා බලලා ”ඉතින් කොහොමද අනූ අයියේ..” කියලා ඇහුවා. ”ඉන්නවා මල්ලි..” මං කිව්වා. ”ඔයාලට කොහොමද.. තාම කූරියර් කරනවද..” මං එහෙම ඇහුවාම ඔහු හිනාවෙලා ”නැත්තම් කොහොමද ජීවිත ලයිස්තුව කරකවන්නේ..” කියලා කිව්වා.


lankadeepa.lk

ඩොලර් ගේන්නේ ගේම් ගහලා

2021 අගෝස්තු මස 08 පෙ.ව. 11:00

0     3802

පසුගිය සතියේ‘‘දෙමාපියන් පරදින, දරුවන් දිනනවයි කියන මොකක්ද මේ Free fire, Pubg’’ ශීර්ෂය යටතේ පළමු ලිපියට ලැබූ ප‍්‍රතිචාර බොහෝය. එම ප‍්‍රතිචාර අතර ඒ පිළිබඳ විශේෂ ස්තුතියක්ද කළහ. නමුත් මෙම ක‍්‍රීඩාවල නිරත වන තරුණ කොටස්වලට නම් එම ලිපිය ගැන තිබුනේ විවේචනයකි. මේ නිසාම සතියෙන් සතිය ගොඩනැෙඟන මෙම නැවුම් සංවාදය ඔබට සතියෙන් (සිහියෙන්) යුතුව කියවන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.


lankadeepa.lk

ඔලිම්පික් එපා?

2021 අගෝස්තු මස 08 පෙ.ව. 10:00

0     806

ඔලිම්පික් ලොව ප‍්‍රමුඛතම ක‍්‍රීඩා උළෙලයි. ක‍්‍රීඩාව හරහා වඩා යහපත් හා සාමකාමී ලොවක් ගොඩනැඟීම ඔලිම්පික් උළෙලේ පරමාර්ථයයි. එහෙත් වසර 125 ක නූතන ඔලිම්පික් ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම දේශපාලන අර්බුද හා යුධ තත්ත්වයන් නිසා රටවල් ගණනාවක්ම ඔලිම්පික් උළෙල වර්ජනය කරනු දක්නට ලැබිණි.