
රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හා ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් නගර සභා භූමියේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි මෙම වගාව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ.
නගර සභාවේ සේවකයන් විසින් වගා කිරීමට අද (11) උදෑසන පස සකස් කරන අයුරු දක්නට ලැබිණි.
එහිදී අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ භවභෝග කිහිපයක් වගා කරන බවය.
(ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්. රෝසිගේ කුස්සියට යන්නේ නැත්නම්?
නගර සභාවේ කට්ටිය මහජන මුදල් වලින් වවාගෙන කන එක තමයි ටික දවසක් යද්දී වෙන්නේ.... අපි නොදන්නවා නේ මේ කට්ටියගේ වැඩ..
Very good move required to do the same in other areas as well.
කැට තියලා කියන්නම්, පලදාවට වඩා වියදමක් වගා කටයුතුවල වියදම් කරනවා ස්ථිරයි. අවසානයේ ඒ බරත් අපටම තමයි.
අරයා අල්ලපු පිඩලි නේද? මෙහෙමත් විනාශයක්.
බේරේ වැවත් ඒ පැත්තටම හරවන්න. හොඳ ගොවිපොළක් වෙයි.
අපරාදේ ලස්සනට තිබුන තණකොල පිට්ටනිය මුලු පාර්ලිමේන්තුවටම කන්න දෙන්න තිබුනා අවුරුදු ගානකට. දැන් ඉතිං ඔය වවන ඒවා කන්න වෙන්නේ අපිටනේ.
පස්සේ ආයෙත් තණකොල වවන්න එකසිය දෙබිලියනයක් විතර සල්ලි පාස්කරගන්නත් පුලුවන්නේ නේද? රෝසි නෝනා පහුවෙලා අගමැතිකමවත් බලාපොරොත්තු වෙනවද?
මෙහෙම හිටි හැටියේ ගොන් විදියට තැන නොතැන නොබලා වගා කරන්න ගත්තයි කියල රටේ කෘෂිකර්මයට වෙන සෙතක් නැහැ. අන්තිමට වියදම විතරයි.
6 months after. There will be another building under construction.
වගාවන් කල හැකි ඉඩම් නිකරුනේ තබාගෙන වගාවන් සදහා නුසුදුසු හා නොකල යුතු ස්ථාන වල පේන්න වගාකරන ලොව එකම ජාතිය
නරකද වැනිලා වගාව කලොත් රටටත් ආදායම් ඩොලර් වලින් ගන්න හැකිවේවි. කොහොම කලත් ලැබෙන ආදායම පරදා නැවත භූමිය සකසා තෘණ වගාවට බිලියන ගණනක් වියදම් කරන්න වේවි එහෙම වුනොත් අධිභාරය ගෙවන්න වත්මන් පාලක පක්ෂ විපක්ෂ නියෝජිතයන් සමග කොමසාරිස් හා ලේකම්ලා සූදානමින් ඉන්න ඕන
තැන නොතැන බලා වගා කිරීම වටී... මෙතන වගා කටකටයුත්තක් සදහා නොවටී... මෙය හුදෙක් අලංකරනය සදහා තිබිය යුතුයි
අපරාදේ ලස්සනට තිබ්බ තැනක් කලොත් කරන්නේ ඔය වගේ නාස්තියක් විතරයි.
මේව ඇත්තටම සෝබන වැඩ.. ගොවියන්ගෙ පලදාව රට පුර බෙදා හරින්න වැඩ පිලිවෙලක් හදන්න බැරි ව ලෝකෙට පෙන්න ගොන් පාට් දානව.. අපෙ ඉන්න දේශපලුවො කලොත් ඇත්නම් යටින් කුට්ටියක් කඩාගෙන අපිටම ඩඩ ගහන අමන ව්‍යපෘතියක් තමයි.. මෙකට කරන බොරු වියදම නවත්තල අර දඹුල්ලෙ තියෙන එලවලු බෙදා හරින හැටියක් හිතනවලකො.. අඩු ගානෙ එලවලු වියලල කල් තබා ගන්න ක්‍රමයක් .. බම්බුව තමයි...
අයියෝ මෙහෙමත් අනුවණ වැඩ... මෙයත් ඉතින් ඔය අලුතින් ආපු රටේ නායකයා කියලා වෙන්න ඇති එයා වුයින්ගම්, රත්තරන් මාල දුන්නා වගේ මේකත් මඩගොඩක් කරලා තියයි... ඊට පස්සේ යයි..
ඩයනා නෝනා කිව්වා වගේ කන්සා වගාවක් දැම්මොත් හොද ආදායමක් ගන්ඩ බැරි වෙන එකක් නැහැ.
මේ ස්ථානයේ නගර සභාවේ වැසිකිලයක් පිහිටෙව්වනම් පොහොර ප්‍රශ්නයත් මෙතනම විසඳයි...!
රෝසි නොනගේ බයිසිකල් පාක් වැඩේ වගේ තමයි.