Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 21 වන අඟහරුවාදා
( ලහිරු හර්ෂණ)
සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මේ මොහොත වන විට සිසුහු පාර්ලිමේන්තු මාර්ගයේ රැදී සිටිති. පොලීසිය , කැරලි මර්ධන ඒකකය කැඳවා ආරක්ෂාව තර කර තිබේ.
රවිඳු Wednesday, 03 April 2019 11:25 AM
ලංකාවේ පොලිසිය ළඟ බුලට් ඇත්තෙම නැද්ද?
Reply : 1126 1116
Dr. Vajira Fernando Thursday, 04 April 2019 03:49 AM
අසාධාරණය, යුක්තිය, පාවාදීම ඉදිරියේ අරගල නොකරන තරුණ කමෙන් ඇති වැඩක් නැහැ. මේ තමා සැබෑ ලෙසම රටට ආදරය කරන දරුවන්. ඔබේ දරුවා රටේ ප්‍රශ්න වලින් මට වැඩක් නැහැ, මම මගේ වැඩේ ගොඩ දාගන්නවා කියලා හිතන කෙනෙක්නම් කවදාවත් ඔබ වියපත් වුණු දවසක එයාලාගෙන් දරුවන් විදිහට ඔබව යුතුකම් ඉෂ්ඨ කරාවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. තමන්ගේ මව්බිමට ආදරය නොකරන කෙනෙක් කවදාවත් දෙමව්පියන් ගැන බලන්නෙත් නැහැ.
61 344
d.upul Wednesday, 03 April 2019 12:04 PM
අපේ ජනපති කියලා තියෙන්නේ පොලිසියට, විශ්ව විද්‍යාලවල පුතාලා එනකොට තුවක්කු ගෙනියන්න එපා කියලා. මොකද එතුමා බලාගෙන ඉන්නේ ලබන සැරෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා දිනන්න.
Reply : 11 83
Raveendra Wednesday, 03 April 2019 01:20 PM
උගත්, බුද්ධිමත් යයි කියනා තරුණ අපි.. දන්නැහැ හිටගන්න අන්දරේලා නැතිව... කිව්වොත් අන්දරේලා වරෙව් වස්ත්‍රත් නැතුව.. අනේ අපි දුවනවා රට හැමතැන උපන් සැටින්...
Reply : 75 52
ධනුෂ්ක Wednesday, 03 April 2019 02:47 PM
එතකොට ගේ මුල්ලේ හැංගිලා පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ගේ අම්බරුවෝ කියමින් ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කරමින් සිටීමද මහලොකු උගත්කම, බුද්ධිමත්කම, වීරකම? හැබැයි ඔබම විවේචනය කරන එ් අම්බරුවන්ට එලිපිට බැහැලා ඔවුන්ගේ වැඩවලට විරෝධය දැක්වීම. මෝඩකම, නිවටකම, නූගත්කම. ඔබම කියන ඔය අම්බරුවන්ව මෙතන විතරක් විවේචනය කළාම අැතිද? ඔවුන්ට එලිපිට විරෝධයක් එපාද? ඔබ එනවද මිනිස්සු අරගෙන විරෝධය පාන්න. හැමදාම විවේචන කර කර ඔවුන්වම නැවත ඔය පාර්ලිමේන්තුවට යවන එකමද හරි? මොකද්ද ඔබේ චින්තනය. පරස්පරයි, අපැහැදිලියි, දෙපිටකාට්ටුයි...
119 326
Raveendra Wednesday, 03 April 2019 04:40 PM
ධනුෂ්ක මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අපගේ අදහස් කිසිවිට පරස්පර විරෝධී , අපැහැදිලි හෝ දෙපිටකාට්ටු යන්නෙන් ඔබ විසින් අදහස් කරන්නේ කුමක්ද යන්න අපට නම් පැහැදිලි නැත. කෙසේවෙතත් ඔබ වැනි උගත්කමේ හිනි පෙත්තටම ගිය කෙනෙකුට අපගේ සරල අදහස් නොතේරීම ගැන අප අමනාප නොවෙන්නෙමු. මෝඩයෝ ඒ දණ්ඩේ උඩින් "හිමින් ගමන් කරන" විට ඔබ වැනි උගතුන් "ඒ ද්ණ්ඩේ යටින් ගුරුත්වාකර්ෂණයට විරුද්ධව" ගමන් කිරීම අද අප දකින සාමාන්‍ය දෙයකි. කෙසේවෙතත් අප සියල්ලන්ටම අපි මුකුත් දන්නේ නැහැ යන්න අපට දැනගැනුමට පුලුවන් නම් එදාට අපගේ සුන්දර මව්බිම සුරපුරයක් වනු නියතය. අවසන් වශයෙන් අප සැමට " කාල තරණය " පිළිබඳව යම්කිසි හෝ අදහසක් ගැනුමට හැකි නම් මෙවන් ගැටළු මෙන්ම ගොන් සටන්ද කිසිවිට ඇති නොවන බවනම් 100% විස්වාසය. අප වැනි නූගත් පිරිසගේ අදහස් වලට උරණ වී ඔබ වැනි බුද්ධිමතුන්ගේ ලේ කුපිත උනි නම් අප ඒ පිළිබඳව කනගාටු වෙන්නෙමු. අවසාන වශයෙන් බුද්ධිමතා සහ උගතාගේ වෙනස හඳුනාගැනුමට උත්සාහ කරන්න. එවිට මෙවන් ගැටළු අවම වෙනු ඇත. ඔබට ජය....
0 0
ධනුෂ්ක Wednesday, 03 April 2019 03:07 PM
රවිඳුට බුලට් මතක් වෙලා තියෙන්නේ. රවිඳුලගේ උගත්, බුද්ධිමත්, සිල්වත්, ගුණවත්, නැණවත්, සත්ගුණවත්, බොරු නොකියන, හොරකන් නොකරන උත්තම වූ දේශපාලක තුමන්ලාට විරුද්ධව විරෝධතා කරන නිසාද? රටේ දේශපාලකයො නරි නාඩගම් නටනකොට හොඳයි. දේශපාලන අධිකාරියේ කළමනාකරණයේ පරිපාලනයේ දුර්වලතා නිසා. ලයිට් කපනකොට වතුර කපනකොට වර්ජන කරනකොට සිදුවෙන මහජන පීඩා හොඳයි. පාරවල වහලා රේස් පදිනකොට හොඳයි. පාසල්වල ගෞරවයත් කෙලසමින් කිසිම නිර්මාණාත්මක හෝ කලාත්මකතාවයක් නොමැතිව රස්තියාදුකාර වනචාරීන් මෙන් පාරවල් වල වෝක් යනකොට හොඳයි. සරසවි සිසුන් සාධාරණය වෙනුවෙන් පාරට බැස්සම පුදුම අමාරුවක් තියෙන්නේ...
Reply : 114 421
Mahee Thursday, 04 April 2019 02:59 AM
ඔහේ කියන්නේ මේ ළමයි සාධාරණය වෙනුවෙන් සටන් කරනවා කියලද? මේ ගොල්ලෝ සටන් කරන්නේ ඔහෙලගෙ මොළවලට ගොම මැටි බස්සපු බංකොලොත් ත්‍රී වීල් දේශපාලුන පක්ෂවල රූකඩ හැටියට බව නම් අපට පේනවා. මේ ළමයි සාධාරණය කියන්නේ මොකක්ද දන්නවා නම් මේ වෙනවිට නවක වදය හින්ද දිවිනසා ගත්තු තරුණ ජීවිත 13 ක් රටට ඉතුරුයි. ඒ වගේම සරසවියට තේරිලත් නවක වදයට බියෙන් සරසවිය අත්හරළු 2000 ක් මෙලහකටත් උසස් අධ්‍යාපනයේ යෙදෙනවා. මේ ළමයින්ව ගිලගෙන ඉන්න ඒ බංකොලොත් කාරයින්ට වුවමනා නම් ලේසියෙන් පුළුවන් නේද නවක වදය සදහටම නවත්වන්න. කෝ? ධනුෂ්කත් තවත් එක ගිරවෙක් පමණයි කියන එකනම් පැහැදිලියි.
103 114
රවිඳු Thursday, 04 April 2019 05:57 AM
ධනුෂ්ක අවශ්‍ය තැනට, අවශ්‍ය දේ පමණක්,කතා කරන්න පුරුදු වෙනවා. ඔහේගේ ඔලුවේ පවතින කුණු කන්දල් සියල්ල මගේ කැමැත්ත ලෙස හුවා දක්වමින් කල, උම්මන්තක උපකල්පනයට, මම පිළිතුරු නොලීවාට, ඒ සියල්ලටත් මම එක හෙලාම විරුද්ධ බව දන්වමි. පුස්සන්ගේ විගඩම් වීරකම් ලෙස දකිමින් චුන් වෙන ඔහෙලගෙ ටිකිරි මොළ ගැන හිතා ගන්න පුළුවන්. මම නැවත වතාවක් කියන්නේ මේ පෙළපාලි වලට නායකත්වය දෙන කීප දෙනෙකුට වෙඩිතියලා දාන්න.
271 340
ධනුෂ්ක Thursday, 04 April 2019 12:36 PM
ඔව් මාහි සාධාරණය වෙනුවෙන් තමා. මේ රටේ පාලකයෝ අධ්‍යාපන ප්‍රතිපත්ති සකසන්නේ උගතුන් බුද්ධිමතුන්, කලාකරුවන්, නවෝත්පාදකයන් බිහි කිරීමට නොව කොහේ හරි රටකට ගිහින් සල්ලි හොයන්න දෙයක් උගන්වන්නේ. ඇත්තටම මොකක් හෝ රැකියාවක් කිරීමට. දැන් උගන්වනවට වඩා වෘත්තීය පුහුණු තමා දෙන්නේ. සබරගමුවෙත් එහෙම කප්පාදුවකට එරෙහිවයි මේ සිසුන් විරෝධය දක්වන්නේ. රටක වෘත්තීය අධ්‍යාපනයත් විශාල වශයෙන් වුවමනා වෙනවා. හැබැයි ඒක වෙනම වැඩි කරනවා විනා. පවතින ශාස්ත්‍රීය අධ්‍යාපනය කප්පාදු කරීම නොහොබිනා දෙයක්. ඒකට විරුද්ධව මූලික පියවර අරන් තමයි මේ පියවරට ඇවිත් තියෙන්නේ.
0 0
Sanath Kandy Thursday, 04 April 2019 03:40 AM
මෙතන වැඩි දෙනෙක් මේ ළමයින්ගේ වැරදි විතරයි දකින්නේ. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය නොතිබෙන්න මේ වෙනකොට නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් නෑ. අධ්‍යාපනය ධවල පත්‍රිකාව පරාජය කිරීම, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය යිද්‍යාලය රජයට පවරා ගැනීම ශිෂ්‍ය ව්‍යාපාරය මේ රටේ දරුවන්ට ලබා දීපු ජයග්‍රහණ. විශ්ව විද්‍යාල වලින් පටන් අරන් ගමේ පාසල දක්වා මුදල් අයකරන අධ්‍යාපන ක්‍රමයක් බිහිවෙලා අවසන් අන්තරේ නොතිබෙන්න. ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්නත් ළමයින්ගෙන් මුදල් අයකරන තැනට පත් වෙලා. සමහරවිට මෙතන කොමෙන්ට් දාන අයට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. එත් ඈත පිටිසර ගම්වලට ගිහින් බලන්න. එදා වෙලා හම්බ කරගෙන කන දුප්පත් අසරණ මිනිසුන්ට තියෙන එකම පිහිට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය විතරයි. මම විශ්ව විද්යයාල අධ්‍යාපනය ලැබුවේ මට කලින් පරම්පරාව අරගල කරලා නිදහස් අධ්යාපනය ආරක්ෂා කර දුන් නිසයි. ඒ නිසා මේ සිසු විරුවන්ට මගේ උත්තමාචාරය පුද කරනවා.
Reply : 242 331
මාවිල්මඩ වජිර හිමි Thursday, 04 April 2019 07:38 AM
ඔබ වැනි අය ගැන ලැජ්ජයි. මේ අපේ රටේ අපේම දරුවන්. මට හිතෙන්නේ ඔබටත් මෙතන අදහස් දක්වන ගොඩාක් දෙනෙකුටත් තියෙන්නේ මේ දරුවන් වගේ ඔබටත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න අවස්ථාවක් නොලැබුණු එක ගැන ඊර්ෂ්‍යා සහගත හැඟීමක්. එත් ඔබට ඒ අවස්ථාව නොලැබීමට හේතුව මේ රටේ පාලකයින් මිස නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට අරගල කරන මේ දරුවන් නොවේ. මේ දරුවන් අරගල කරන්නේ ඔබට නොලැබුණු ඒ අවස්ථාව ඔබේ දරුවන්ට ලබා දීමට.
Reply : 1 140
mahinda Wednesday, 03 April 2019 12:11 PM
අන්තරේ උද්ඝෝෂණය කරන කාලසටහනක් දුන්නා නම් මිනිසුන්ටත් පොලිසියටත් කරදරයක් නෑ. මහජනයාට තමන්ගේ ගමන් සැලසුම් කරගන්න පුළුවන්නේ...
Reply : 2 146
nuwan Wednesday, 03 April 2019 12:19 PM
6 වෙනි පින්තූරේ ඉන්න ගෝතයෝ දෙන්නා ජීවිතේ මුල්වරට අද වෙන්ට ඇති හරියට නා ගත්තේ...
Reply : 72 200
Nuwan Wednesday, 03 April 2019 12:49 PM
පාදඩ දේශපාලනයේ අතකොලු තමා මේ. විශ්ව විද්‍යාල වලට දේශපාලනය රින්ගුවම මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය හැකිද?
Reply : 203 286
Raveendra Wednesday, 03 April 2019 01:39 PM
හාහා මේ බුද්ධිමත්, උගත් දරුවන්ට ඔහේ නිග්‍රහ කරනවා නොවේද? අන්තරේ ඉන්න අන්දරේලාගේ පදේට මේ බුද්ධිමත් උගත් දරුවන් නටන එක වෙනම වැඩක්... එ්ක ඒ දරුවන්ගේ කැමැත්තනේ... එහෙම නටන්නේ මේ දරුවන්ගේ කොඳු කෙලින් තියෙන නිසා සහ මේ දරුවන් හොඳ පෞරුෂයකින් හෙබි ඉහළටම ඉගෙනගත් දරුවන් නිසා.. එබැවින් මේ අහිංසක දරුවන්ට අපහස කරන්න එපා හොඳේ...
Reply : 203 203
ධනුෂ්ක Wednesday, 03 April 2019 02:28 PM
එතකොට මේ රටේ දේශපාලනය කරන්න පුලුවන්. රටකාපු දේශපාලන තාත්තලගේ මේලෝ හසරක් නැති පුතාලටයි, කසිප්පු මුදලාලිලාටයි, කුඩු මුදලාලිටයි, හොරට වැලිගොඩදාන වැලි මුදලාලිලටයි, මාල හොරුන්ටයි විතරයි. යමක් කමක් ඉගෙන ගත්තු අයට දේශපාලනය කිරීම තහනම්. මතක තියාගන්න සරසවිය තුළ දේශපාලනය කිරීම නීතිගත කරපු දෙයක් එතනත් පක්ෂ දේශපාලනයට සමාන ඡන්ද අාදිය පවා පවත්වනවා. අපිට තියන අවුල මේ සිසුන් සරසවිය තුළ සිදුකරන දේශපාලනය ඉන් පිට වූ පසු සිදු නොකිරීමයි. දශක ගණනක් සරසවි තුළ දේශපාලනය කළ පිරිස් දිගටම එය සිදුකරානම් ලංකාවට අද මෙහම වෙන්නෑ. නමුත් අවාසනාවට මොවුන් ඉන් පිට වූ පසු පාදඩ දේශපාලනයේ සියල්ල දැක දැකත් නොදැක්කා සේ සිටිනවා හෝ ඊට අනුගත වෙනවා.
Reply : 26 198
අනුර පැස්කුවල් Wednesday, 03 April 2019 02:43 PM
දේශපාලනය කියන්නේ මේ අමනයන්ගේ විගඩන් නොවෙන බවවත් තේරුම් ගන්න මහත්මයා. සරසවි සිසුවා නිවැරදි දේශපාලනය කළා නම් අද ලංකාව මීට වඩා හරි වෙනස්. මේ දරුවන් උගතුන් විය හැක. නමුත් ඔවුන් බුද්ධියෙන් මන්ද බුද්ධිකයන්ටත් වඩා පහළයි.
257 353
dias Wednesday, 03 April 2019 05:04 PM
සරසවිය තුළ සිදුවන දේශපාලනය ඉන් පිටතදී නොපැවතීමට හේතුව විය හැක්කේ, එය සරසවියෙන් පිටත පවතින සැබෑ ලෝකයේ යථාර්තයට නොගැලපීමයි. උදාහරණයක් ලෙස සරසවි සිසුන්ගේ එක ඉල්ලීමක් නම් අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදනයෙන් 6% වෙන් කිරීමයි. නමුත්, සීමිත බදු අදායමක් ඇති තුන්වන ලෝකයේ රටක අනිකුත් "නොමිලේ" සපයන සේවාවන් වන පාසල්, සෞඛ්‍ය සේවය, සමෘධි වැනි දේ සමග එවැනි දෙයක් සැබවින්ම කළ හැකිද? තවත් සමහරෙක් උපාධි ප්‍රදානය කරන පුද්ගලික ආයතන වසා දැමිය යුතු යයි කියා සිටිනවා. එවැනි ආයතන වසා දැමු කල, සුදුසුකම් තිබියදීත් සරසවි වලට ඇතුල් විය නොහැකි වූ 83% ක බහුතර සිසුන් වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ කෙසේද? තවත් සමහරෙක් නවකවදය නිසා පන්ති තහනම් කළ සිසුන්ගේ පන්ති තහනම ඉවත් කළ යුතු යයි ඉල්ලා සිටිනවා. නවක වදය නීතිවිරෝධී ක්‍රියාවක් බැවින් එවැනි අය දඬුවම් නොකර නිදහස් කිරීම සාධාරණ ක්‍රියාවක්ද? අද බොහෝ සරසවි සිසුන්ගේ ඉල්ලීම්, සරසවිය තුළ ඇති ඔවුන්ගේ කුඩා ලෝකයට සිමා වූ ඉල්ලීම් පමණක් වන අතර, ඒවා සැබෑ ලෝකයේ යථාර්තයන් නොවේ.
0 0
ධනුෂ්ක Thursday, 04 April 2019 12:53 AM
අනුර මහත්තයට මේක විගඩමක් විය හැක. හැබැයි. ලෝකේ සුවහසක් වූ ජනතාවටනම් පාලකයන්ට එරෙහිව නම් ඔවුනගේ වැඩවලට විරෝධය දැක්වීමට හා බලපෑම් කිරීමට තිබෙන්නා වූ දෙයක්. මොකද පාලකයෝ කිසිම අයිතිවාසිකමක් බන්දේසියේ දමලා පූජා කරලා නෑ. නිවට නොවන මිනිසුන් සටන් කර දිනාගත් අයිතිවාසිකම් තියෙන්නේ. ඔබ ලබන අයිතිවාසිකනුත් එහාමයි. දින 365න් දවසක් කාන්තා දිනයට වෙන් කර ගත්තෙත් සටන් කරලා. අවුල තියෙන්නේ මේ රටේ පාලකයෝ රට විනාශයටම ඇද දමද්දිනුත්. රටේ ජනතාව නොදැක්කා සේ සිටීමයි
41 51
Nuwan Thursday, 04 April 2019 08:37 AM
දැන් ඉන්න 225 රටට කිසිම වැඩක් නැති කට්ටියකි. ඒ වගේම එක එකාගේ අතකොලු වෙලා පාර පුරා ගුටි කන මේ කට්ටියගෙනුත් රටට වැඩක් නැත.
7 9
ධනුෂ්ක Thursday, 04 April 2019 01:27 AM
මේ රටේ පාලකයෝ අධ්‍යාපන ප්‍රතිපත්ති සකසන්නේ උගතුන් බුද්ධිමතුන්.කලාකරුවන්, නවෝත්පාදකයන් බිහි කිරීමට නොව කොහේහරි රටකට ගිහින් සල්ලි හොයන්න දෙයක් උගන්වන්නේ.ඇත්තටම මොකක් හෝ රැකියාවක් කිරීමට දැන් උගන්වනවට වඩා වෘතීය පුහුනු තමා දෙන්නේ.සබරගමුවෙත් එහෙම කප්පාදුවකට එරෙහිවටයි මේ සිසුන් විරෝධය දක්වන්නේ.රටක වෘතීය අධ්‍යාපනයත් විශාල වශයෙන් වුවමනා වෙනවා. හැබැයි ඒක වෙනම වැඩි කරනවා විනා. පවතින ශස්ත්‍රීය අධ්‍යාපනය කප්පාදු කරීම නොහොබිනා දෙයක්.
Reply : 26 52
Nissanka Thursday, 04 April 2019 06:08 AM
පාදඩ දේශපාලනයක් තියෙන්නේ මේ රට පාලනය කළ හා කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ මිසක් සරසවිවල නෙවෙයි. බිලියන ගණන් මහජන මුදල් හොරකම් කළේ, බලයේ ඉන්න මිනි මරන්නේ, කුඩු කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ ආරක්ෂා කළේ ඔවුන් නෙවෙයිද? අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ දෙගොල්ල රට විනාශයට අරගෙන යද්දී සද්ද නැතුව ඉන්න නුවන්ලා ඒ දේශපාලනයට විරුද්ධව අරගල කරන ශිෂ්‍යයින්ට ගරහනවා.
Reply : 22 160
Nuwan Thursday, 04 April 2019 08:31 AM
දේශපාලනේ සරසවියේ නැද්ද එතකොට දැන් පාර්ලිමේන්තුවේ ඉන්න සමහරක් කට්ටිය සරසවි ගොහින් ආපු අයනේ.ඒ ගොල්ලෝ කරන්නේ හොද දේශපාලනේද? අනේ නිකන් යන්න මහත්තයෝ ඔයගොල්ලෝ වගේ අය තමා ලංකාව කෑවේ. නිල් කොළ රතු පක්ෂ වලට බෙදිලා තමුන්ගේ තැන තියාගන්න දේසපලුවන්ට කඩේ යන්නේ ඔහෙලා වගේ අය තමා.
1 15
මාවිල්මඩ වජිර හිමි Thursday, 04 April 2019 10:38 AM
සරසවියේ දේශපාලනේ තියෙනවා. එත් බඩගෝස්තර දේශපාලනයට සරසවියේ පැවැත්මක් නැහැ. ඒ නිසා තමයි සරසවි වල කවදාවත් ප්‍රධාන පක්ෂ දෙකට කඩේ යන දේශපාලනයක් කරන්න ඉඩ නැත්තේ. රට කෑවේ අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට පාලනය කරපු අය. ඒකට සරසවි ශිෂ්‍යයෝ වගකියන්න ඕන නැහැ. නුවන්ලට ලංකාවේ විශ්වවිද්‍යාලයක පස් පාගන්න නොලැබුණේ මේ රට කරවපු උන් රටට අවශ්‍ය විදිහට උසස් අධ්‍යාපන අවස්ථා වැඩි නොකරපු නිසා. ඒකට සරසවියට යාගන්න අවස්තාව උදා කරගත්තු මේ රටේ සාරය වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට වෙඩි තියන්න කතා කරලා වැඩක් නැහැ.
335 361
amali Wednesday, 03 April 2019 01:41 PM
කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.
Reply : 0 20
පුෂ්පකුමාර Wednesday, 03 April 2019 02:59 PM
නුඹලව දෙමව්පියන් වෙහෙස වෙලා ඇති දැඩි කලේ රටේ බල්ලන්ගේ කීම්වලට රැවටිලා, ඔය විදිහට පොලිසියෙන් ගුටි කන්නද? මම ළඟ හිටියා නම්, ඔහොම නෙමේ, හතර හන්දි කඩලා ගෙවල් වලට යවනවා දෙමව්පියන්ට කියලා තෙල් ගාව ගාන්න.
Reply : 184 941
Indunil Thursday, 04 April 2019 07:01 AM
පුෂ්පකුමාර වෙත, ඔය කට්ටිය ඔහොම හරි පාරට බැස්සේ නැත්තම් අද නිදහස් අධ්‍යාපනයක් නැහැ..... ලොකු උගත් උතුමෝ ගෙදරට වෙලා නිදන් ඉන්න අයට ඔව්ව පෙන්න බෑ තමා.............
Reply : 22 55
Nuwan Thursday, 04 April 2019 08:35 AM
ඔහොම එක එකා පාරට බැස්සම නිදහස් අධ්‍යාපනේ රට පාලනය කරන අය අත ගහන්නේ නැතුව තියේවිද? නිකන් ගොන් තියරි ගේන්න එපා. ඡන්ද ක්‍රමය තියෙන්නේ නිසි පාලකයෝ පත් කරන්න. එතකොට නිදහස් අධ්‍යාපනේ රැකෙවී. දැන් ඉන්න පලකයෝ හිටපු අයයි සුදුසු පාලකයෝ නෙමේ.
31 25
බද්රානි Wednesday, 03 April 2019 05:57 PM
රාජකාරිය මැනවින් ඉටුකරන පොලිස් නිලධාරී මහත්වරුන්ට මාගේ ගෞරවනීය ප්‍රණාමය!!
Reply : 0 0
mendis Wednesday, 03 April 2019 08:16 PM
මොවුන්ගේ රැවුල් වලට ගිනි තබා පන්නා දැමිය යුතුයි.
Reply : 12 106
රංගේ Thursday, 04 April 2019 02:35 AM
හැබැයි මෙහෙම දඟලන පොලීසිය එදා පාර්ලිමෙන්තුවේ කුඩ්ඩන්ගෙන් ගුටි කනකොට හිටියේ බල්ලෝ වගේ
Reply : 1 56
kasiya Thursday, 04 April 2019 03:16 AM
මේ කොල්ලෝ කෙල්ලන්ගේ ප්‍රශ්න මොනවද කියලා බලධාරීන් බලන්න ඕන
Reply : 4 61
ලුම්බිණි Thursday, 04 April 2019 06:39 AM
විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා ඉදිරිපත් කරන එක හොඳ දෙයක් උනත් අවුරුද්දේ 365 දවසෙම විරෝධය පෙන්වන එකේ තේරුම මොකද්ද? අනික අද බොහෝ විශ්ව විද්‍යාල ඇතුළත පාලනය ගෙන යන්නේ ළමයින්ගේ නීති යටතේ. මේක වෙන රට වල නැති දෙයක්. දේශපාලනය විසින් සියල්ල විනාශ කරපු බවකුයි මට පෙනෙන්නේ.
Reply : 3 10
ප්‍රීති Thursday, 04 April 2019 07:48 AM
මේ අයගේ ප්‍රශ්න වලට වඩා තරුණ විසේ ඔලුවට ගහලයි මේ දඟලන්නේ. රටේ සියලුම දෙනා මේ විදිහට තමන්ට තිබෙන ප්‍රශ්න හේතුවෙන් තවකෙකුව පීඩාවට පත් කරන්න ගත්තොත්, මේ රටට කුමක් සිදු වෙයිද? කැම්පස් එකට තේරුනා කියලා ඔලුවේ අන් පැල කරගත් මේ අය හිතාගෙන ඉන්නේ, ඒක ලෝකේ පෙරලන්න ලැබුණු වරමක් කියලා වෙන්න ඇති. මෝඩ රැලක්?
Reply : 57 124
Jehaan Thursday, 04 April 2019 08:37 AM
නිකන් ලැබෙන අධ්‍යාපනයේ අරුමය තමයි. අරගල කර කර රට රට පෙරලා පෙරලා ඉන්නකෝ. මගේ ඥාති කෙනෙකු ඕස්ට්‍රේලියාවේ ඉන්න එයාගේ ලොකු අයියාගෙන් මාසෙකට ගානක් කඩා ගන්නවා කොළඹ සරසවියේ ඉන්න පුතාට වියදම් කරන්න කියලා. සරසවි පුතා ඒ සල්ලි වලින් පෙම්වතිය සමග සාප්පු සවාරි යනවා පාටි දානවා. අර සල්ලි එවන ඥාතියාගේ දුව පිටරට සරසවියේ ඉගෙන ගන්න ගමන් හෝටලේක පිරිසිදු කරන්නියක ලෙස වැඩ කර තමන්ගේ අධ්‍යාපන වියදම සොයා ගන්නවා. ඔන්න රටවල් දෙකක ජීවත් වෙන අපේම සරසවි දරුවන්ගේ වෙනස.
Reply : 103 213
Mahanama Thursday, 04 April 2019 08:42 AM
අද මේ කොල්ලෝ මොකටද විරෝධතා කලේ කියන්න පුළුවන් ? මේක විහිළුවක් ජවිපෙ පදේට නටන. අන්තරය කරන්නේ කොන්ත්‍රාත් එකක් . දැන් අන්තරේ කලින් කැදවුම් කරුවන්ගේ වැඩ වලින් පේනවා. හරි සටනක් නෙමේ කරන්නේ දරුවන්ගේ අනාගතේ විනාශ කරන එක.
Reply : 34 57
Sarasi Thursday, 04 April 2019 08:54 AM
රට හදන්න හදන්න යන්න කලින් තමන් හැදෙන්න . අන්න මොරටුව සරසවියේදී නවක වදය නිසා සරසවි අධ්‍යාපනය අතහැරිය සිසුවෙකු ඉන්පසු දෙවැනි උසස් අධ්‍යාපන ආයතනයේ නවක වදයෙන් පසු දිවි නසා ගෙන. තමුන් හදපු දෙමව්පියන්ටත් සාප වෙන වැඩ මේවා. අපේ දුක් මහන්සියෙන් හම්බු කරන බදු සල්ලි මෙහෙම අමානුෂික මිනිස්සුන්ට නේ වියදම් කරන්නේ.
Reply : 44 73
mendis Thursday, 04 April 2019 10:09 AM
ලංකාවේ නිදහස් අධ්‍යාපනය බිහි වුයේ 40 ගණන්වල ගත් රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණයකින් විනා, සිසු අරගලයක් නිසා නොව. සමහරෙක් අද විශ්ව විද්‍යාල වලින් බුද්ධිමතුන්, කලාකරුවන්, නවෝත්පාදකයන් බිහි නොවේ යයි පවසයි. රජයේ වගකීම සිසුන්ට බාලාංශයේ සිට සරසවිය දක්වා අධ්‍යාපනය ලබා දීමයි. ලබාගත් අධ්‍යාපනය යොදවා නවෝත්පාදකයෙකු වීම ශිෂ්‍යයාගේ වගකීමයි. ලංකාවේ එදා මේද තුර විශ්ව විද්‍යාල වලින් සමත්වූ සිසුන්ගේ ප්‍රමාණය සැලකුවහොත්, මේ රට බුද්ධිමතුන් සහ නවෝත්පාදකයන් ගෙන් ගහන සුරපුරයක් විය යුතු නමුත්, එවැනි දෙයක් සිදුවී නැත. එයට වග කිව යුත්තේ සිසුන් මිස, ඔවුන්ට "නොමිලේ" අධ්‍යාපනය ලබා දුන් මහජනයා නොවේ. අද රටේ ඇති සරසවි සියල්ල වසා දැමුවත් මා සිතන්නේ නැහැ රටේ ආර්ථිකයට එයින් විශාල බලපෑමක් ඇතිවෙයි කියා. මක් නිසාද යත්, අදත් රටේ ආර්ථිකය මෙයවන්නේ තේ දළු නෙලමින්, ඇඟලුම් නිමවමින්, සංචාරක, ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටිනා ශ්‍රම බලකාය විසින් පමණක් බැවිනි.
Reply : 0 0
Bimal Thursday, 04 April 2019 10:27 AM
දැන් මේ ළමයින් සිතන්නේ ලංකාවේ සියලුම අවශේෂ ජනයා උත්පාද වී ඇත්තේ තමන්ගේ උපන්දා සිට අවශ්‍යතා සපුරා දෙන්න කියලාද ? වෙන කිසිම දියුණු රටකවත් සිසුන්ට නැති වරප්‍රසාදයක් තමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ. ඒ නිසා ඒක ලැබුන පලියට ෂයිලොක් ගේ මස් රාත්තල වගේ මුළු රටේම මිනිස්සුන්ගේ රීරි මාංශය ඉල්ලමින් පිස්සු නැටීම නවත්වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලමි.
Reply : 0 71
Menaka Thursday, 04 April 2019 11:03 AM
කසියා , මේගොල්ලන්ට විතරද ප්‍රශ්න තියෙන්නේ. බදු ගෙවන මිනිස්සුන්ට, කුලී වැඩ කරලා එදිනෙදා පවුල් නඩත්තු කරන මිනිස්සුන්ට , උදේ හවා බස් වල එල්ලිලා වැඩට ගිහින් දෙමව්පියන්ට සහෝදරියන්ට කන්න හොයන තමුන්ගේ වයසේ තරුණයන්ට, බඩේ දරුවෝ තියාගෙන පාරේ වෙළදාමේ යන බවලතුන්ට ප්‍රශ්න නැද්ද. පුද්ගලික අංශයේ රැකියා කරමින් පණ ගිහින් රෑ ජාමේ ගෙදර එන මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද ? මම කියන්නම් රටේ ලොකුම ප්‍රශ්නය විචාර බුද්ධියක් නැති මෙන්න මේ ළමයි ටික.
Reply : 41 74
කරුණාපාල Thursday, 04 April 2019 07:37 PM
මේ කොල්ලන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ගන්න ඕනා පලිය තමයි මේ රටේ ජනතාවගෙන් ගන්නේ. නුඹලාගේ දෙමාපියන් කල වැරැද්දට අපි කුමක් කරන්නද කොල්ලනේ? එදා දෙමාපියන්, නුඹලාගේ වැරැද්දට දඩුවම් කර හැදුවා නම්, අද පොලිසියෙන් මේ විදිහට ගුටිකාලා හැදෙන්න වෙන්නේ නැහැ.
Reply : 28 56
සිරිපාල Friday, 05 April 2019 06:17 AM
ගහන්න ඕනේ ඔලු කටු කුඩුවෙන්න...
Reply : 0 0
banda Friday, 05 April 2019 07:28 AM
පොලීසිය නොවේ, මිනිස්සු එකතුවෙලා මුන්ට ගහන්න ඕනේ..
Reply : 0 0
banda Friday, 05 April 2019 02:03 PM
මුන්ට වතුර ගහන එක අපරාදේ..., පෙට්‍රල් ගහලා ගිනි තියන්න ඕනෑ.
Reply : 0 0