
(යොහාන් භාසුර)
තාක්‍ෂණ විෂය දාරාවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට මූල්‍යමය ආධාර ලබාදීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්යකට අනුව රුපියල් ලක්‍ෂ 100 ක මූලික මුදලකින් ‘ප්‍රඥාාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ආරම්භ කළේය.
ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (16) පස්වරුවේ පැවැත්විණි.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම ‘ප්‍රඥාාබන්දු’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතියෙන් ප්‍රථමයෙන් ශිෂ්‍යයන් 100 කට රුපියල් 1000 බැගින් මූල්‍ය දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් අරමුදලට මූල්‍ය පරිත්‍යාග කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් ලක්‍ෂ 100 එන්නේ කොහෙන්ද?
අනුන්ගේ සල්ලිවලින් තමන්ගේ නම දාලා මේ වගේ වැඩ කරනවට වඩා හොඳයි නොකර ඉන්න එක..
සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිළ අඩුකරන්ඩ බැහැ කියපු කෙනා..? තමුන්ගේ නමත් මුලට දාගෙන ලෝකෙට පේන්න, ජනතාව ගසාකාපුවායින් කරන වැඩ දැක්කම අපිට නම් හරිම හිරිකිතයි.
මහපොළ අහලකටවත් එන්න මෙයාට බැහැ.
"ප්‍රඥා බන්දු" මාර නමක්. ඒ වුණාට ප්‍රඥාව චුට්ටක්වත් නැති, හීනමානයෙන් පෙලෙන මිනිසෙක්... අනුන්ගෙන් මුදල් ඉල්ලාගෙන, රටේ ජනතාවට දේශපාලනිකව අප්‍රියම චරිතයක් වී ඇති, තම නම ආරක්ෂා කරගැනීමට දරන බොළඳ උත්සායක් විදිහටයි මම මෙය දකින්නේ... ලලිත් ඇතුළත් මුදලි මහත්මයා " මහපොළ " ශිෂ්‍යත්ව හඳුන්වලා දෙනකොට එයාටත් තිබුනා " ලලිත් මහපොළ " වගේ නමක් ඒ වැඩපිළිවෙලට දමන්න. ඒ සඳහා ඔහුට බලයත් ,ශක්තියත් ඕනෑවටත් වඩා තිබුණා. නමුත් ඔහු එවැනි බොළඳ වැඩක් කිරීමට තරම් නූගත්, මෝඩයෙක් නොවීය. ඒ නිසාමදෝ මහපොළ ශිෂ්‍යත්වය අදත් නොසැලී... ඉදිරියටම යමින් රටේ අනාගතය බාරගන්න සිටින සිසුසිසුවියන්ට සෙවනැල්ලක් වී සිටිනවා.
ඔය ශිෂ්‍යත්වය අගට වෙන එකක් දැම්මා නම් හරි...