
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය මූලික රෝහලේ විදුලි උප්පාදන යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි විසන්ධි වන අවස්ථාවලට රෝහලේ වැඩ කටයුතුවලට දැඩි බාධා එල්ල වන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
විදුලිය විසන්ධි වු අවස්ථාවන්හිදී ඉටි පන්දම් එළියෙන් හා ඡංගම දුරකතන වල පිහිටනේ රෝහල් කටයුතු සිදුකරගෙන යන අයුරු අපට දැකගත හැකි විය.
රෝහලට ඇතුලත්වන හදිසි රෝගීන්, ස්වසන රෝගීන් ඇතුළු හදිසි ප්‍රතිකාර කළ යුතු රෝගීන් පොලොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් කාර්යය මණ්ඩලය කටයුතු කර ඇත.
ජීවිතාරක්ෂක උපකරණ විදුලිය විසන්ධි වූ අවස්ථාවන්හිදී ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති අතර විවිධ උෂ්ණත්ව යටතේ ගබඩා කළ යුතු ඖෂධ ඇතුළු බොහොමයක් ඖෂධ හා ඖෂධ උපකරණවලට මෙය බලපෑමක්ව එල්ලවන බව ද රෝහල් ප්‍රශාකයෙක් කීය.
මැදිරිගිරිය මූලික රෝහලේ විදුලි උත්පාදන යන්ත්‍රයට පැයකට ඉන්ධන ලීටර 25 පමණ අවශ්‍ය වන අතර මේ දිනයන්හිදී පැය තුනක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමත් සමග දිනකට ඉන්ධන ලීටර 75 පමණ අවශ් බව රොහල් ආරංචි මාර්ග කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. රනිල් ජනාධිපති වුණානේ...
උදේ ඉදන් රෑවෙනකන් " තාක්ශණය " ගැන කියවන රජයක දර්ශනය !